සයුරෙන් එහා පුවත්

ලොවක් කම්පා කරමින් නිර්‍යෝක් නුවරින් ඇසෙන ගුවන් යානා අනතුරේ සංවේදී කතාව මෙන්න.

ඇමරිකානු වේලාවෙන් ඊයේ පස්වරු තුනට පමණ නිව්යෝර්ක් නගරයේදී සිදුවූ ගුවන් අණතුරකින් එකම පවුලේ පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඉතාමත් අවාසනාවන්ත විදියට මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ ස්පාඥ්ඤයේ සිට නිව්යෝක් නුවර සංචාරයක් සදහා පැමිණි පවුලක සාමාජිකයන් වන අතර එම පවුලේ දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් තිදෙනෙකු මෙම අනතුරින් මරුමුවට පත් උනා. ඊට අමතරව හෙලිකොප්ටර් යානය පඅදවූ ගුවන් නියමුවාද අනතුරින් මියගිය අය අතර වනවා.

නිව්යෝක් නුවර සංචාරය කරන්නන් අතර නගරයට උඩින් පියාසර කරන හෙලිකොප්ටර් සංචාරය ඉතාමත් ජනප්‍රිය අතර දවස පුරාම නගරයට ඉහළ අහසේ හෙලිකොප්ටර් යානා විශාල ප්‍රමාණයක් දැකීමට හැකි වෙනවා. සුප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට ඉහලින් මෙන්ම අහස සිඹින ගොඩනැගිලි අතරින් හඩ්සන් ගංගාවට ඉහලින් පියාසර කරන මෙම හෙලිකොප්ටර් අත්දැකීම විදීමට විශාල පිරිසක් සහභාගී වන අතර එලෙස සිදුකල සංචාරයක් අතරතුරයි මෙම පිරිස ගමන් කල හෙලිකොප්ටර් යානය හඩ්සන් ගගට කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුවී ඇත්තේ.

මේ දිනවල යුරෝපයේ පාසල් නිවාඩුව ආරම්භ වී ඇති බැවින් ලොවපුරා සංචාරක ගමනාන්ත සහ හෝටල් සංචාරකයන්ගෙන් පිරී පවතින අතර ඒ අතරතුර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වාර්ථාවීම ඉතා කණගාටුදායකය. අනතුරින් මියගිය පස්දෙනෙකු සොයා ගන්නා විටත් මියගොස් සිටි අතර එක් අයෙකු පමණක් රෝහල් ගතකල පසුව මියගොස් ඇත. අනතුර සිදුවූ වහාම ගලවා ගැනීමේ කණ්ඩායම් හා කිමිදුම්කරුවන් ක්‍රියාත්මක උවද එක ජීවිතයක් හෝ ගලවා ගැනීමට නොහැකි වී තිබේ. කඩාවැටී ඇත්තේ “නිව්යෝර්ක් හොලිකොප්ටර්” ආයතනය විසින් මෙහෙයුම් සිදුකල බෙල් 206 වර්ගයට අයත් ගුවන් යානාවකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!