Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මනූෂගේ සහෝදරයාගේ කැරැට්ටුව එළියට… ගිණුමේ කෝටි 27ක්…

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බව කියන හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු ලේකම් මෙන්ම ඔහුගේ සොහොයුරෙකු වන තිසර නානායක්කාර අද (29) සිට ජනවාරි මස 6 වැනිදින දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංගගේ නියෝගයකට අනුවයි.

ගම්පහ, යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මතයි පොලිස්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය ඔහුව ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත්තේ. බිබිල ප්‍රදේශයේ දීයි,

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට යක්කල ප්‍රදේශයේ පුද්ගලික විසින් කරන ලද පැමිණිල්ල මතමූලික විමර්ශනවලින් අනතුරුව ගාල්ල, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිසර නානායක්කාර මෙලෙස රිමාන්ඩ් ගත කෙරුණා.

තිසර නානායක්කාර පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ හතලිහක මුදලක් රැකියාවක් ලබා දෙන බව පවසා ඉල්ලා ඇති අතර එම මුදලින්රුපියල් තිස් ලක්ෂයක් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 15 බැගින් එම සැකකරුගේ පෞද්ගලික බැංකුව ගිණුමකට තැන්පත් කොට ඇතිබව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පවසා තිබුණා.

2019 වසරේ සිට 2024 දක්වා මෙම පුද්ගලයාගේ ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට පුද්ගලයන් විසි අට දෙනෙකු විසින්රුපියල් කෝටි විසි හතකට ආසන්න මුදලක් තැන්පත් කොට ඇති බවත් සැකකරු අවස්ථා කීපයකදී එම මුදල් ආපසු ලබාගෙන ඇති බවත්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා තිබුණා.

අධිකරණය ඉදිරියේ වැඩිදුරටත් කරුණු දක්වා සිට එම නිලධාරීන් පවසා සිටියේ සැකකාර පුද්ගලයා සිය සහෝදරයෙකු වූ හිටපුඅමාත්‍යවරයකු වන මනුෂ නානායක්කරගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති බවයි. එම තනතුරින්ඉවත්වී විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් එම අදාළ හැඳුනුම්පත භාවිත කොට ඇති බවත් පැවසෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!