Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඇය නික්ම ගොස් මාර්තුවට වසරක්… කලා කෙතට බිහි වුනු ඕල් රවුන්ඩර්… මේ ආදරණීය රම්‍යා වනිගසේකර ගැන නොදත් කතාවක්…

සම්මානිත ගුවන් විදුලි හඬ පෞරුෂය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා රංගවේදිනී, ..

❤ රම්‍යා වනිගසේකර ❤

කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී 1950 ජූලි මස 17 වන දා රම්‍ය වනිගසේකර උපත ලැබුවේ, දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ පස් වැන්නා ලෙස ය.
ඇය සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ, කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයෙනි.
ඉන්පසු පාසල් කිහිපයකින් ම අධ්‍යාපනය ලැබූ ඇය, ද්විතීක අධ්‍යාපනය අවසන් කළේ, රුවන්වැල්ල රාජකීය විද්‍යාලයෙනි.
1981 සිට ඇය 2006 විශ්‍රාම යන තෙක් ගුවන්විදුලි සංස්ථාවේ නිත්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළාය. ඇය ගුවන්විදුලි A-ශ්‍රේණියේ නූර්ති ගායිකාවක් ද වේ.
1974 හේවායෝ වේදිකා නාට්‍යයෙන් ඇය වේදිකා පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ,වේදිකා නාට්‍යය විශාල ප්‍රමාණයක පසුබිම් ගායනයෙන් එක්විය .

කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, මූදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ, හිරු නැති ලොව ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවා ය.
ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක බවට පත්වූයේ, ශ්‍රී ලංකාවේ තුන් වන ටෙලිනාට්‍යය ලෙස සැලකෙන ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යයෙනි.පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයට අමතරව, ඇය, කන්දෙ ගෙදර, දියණියෝ, කූඹියෝ, මැණික් නදිය ගලා බසී, නෑනාලා, යර්ස් බොස් ඇතුළු ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කළා ය.
රිදී නිම්නය චිත්‍රපටයේ රඟපාමින් 1982 වසරේදී සිනමාවට පිවිසි ඇය, මාරුතය ,ටිකිරි සුවඳ , සරිගම ,…… ආදී චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය..
සම්මානනීය ප්‍රවුර්ති නිවේදිකාව ක් හා සම්මානනීය රංගන ශිල්පීනී යක් වන ඇයගේ ස්වාමි පුරුෂයා වූයේ ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් ය. (2010 මියගිය).
ඇය එක් දියණියක ගෙ මවකි.
කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය ,අසනීප තත්වයන් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.
කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් කර ප්‍රතිභාපූර්ණ හඩ පෞරුෂය ආදරණීය ගැහැණිය ඔබතුමිය ට නිවන් සුව ලැබේවා

✍️ ගයනි මධුරෂාංගි
(කතු අයිතිය සුරකින්න )

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!