දේශීය පුවත්

සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති අතර, එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.

මෙම හදිසි මරණය නවක වදය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස විවිධ සමාජ මාධ්‍යන් හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

එසේම මෙම සිදුවීමට සම්බන්ධ අයවලුන් ලෙස දක්වමින් විවිධ පුද්ගලයන් ගේ පෞද්ගලික තොරතුරු හුවා දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන අතර, දැනට සිදුකරන පොලිස් පරීක්ෂණ හා අනෙකුත් අභ්‍යන්තර පරීක්ෂණ මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙලිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ට හානි වන මෙවැනි තොරතුරු සංසරණය කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය ශිෂ්‍යායා ගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පලකරනු ලැබේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!