Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගායන ශිල්පී මනේජ් එක්ක රටක්ම එකතු වෙලා මීට ටික දවසකට කලින් බේරා ගන්න උදව් කල පුංචි මල් කැකුළ අද රටක්ම හඩවමින් අපෙන් සදහටම යන්න ගිහින්…

පුතේ ,
ඔයාව බේරගන්න මුළු ලංකාවෙම ඉන්න නැන්දලා මාමලා එකතු වෙලා එක රැයකින් ඔයාගේ සැත්කමට ඕන සල්ලි ටික හොයලා දුන්නා
ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හුස්ම ටික අල්ලගෙන ඉඳීවි කියලා අපි හැමෝම විශ්වාස කළා
ඔයාගේ සැත්කමට සියළු මුදල් එකතු උනාම ඔයා ජීවත් වෙයි කියන සතුටට ඔයාගේ අම්මට තාත්තට ඇඬුන හැටි මම දැක්කා
පුලුවන් ඉක්මනට ඔයාව හොඳ කරන්න ඉන්දියාවට ඉගිලෙන්න හැම දෙයක්ම එයාලා සූදානම් කරපු හැටි මට කිව්වා
සැත්කම කරන්න තිබුනේ ඔයාගේ අම්මගේ අක්මාවෙන් කොටසක් අරගෙන . ඒක සාර්ථක වෙන්න නම් අම්මට බර 5 kg අඩු කරගන්න කියලා තිබුනා.
මේ ටිකේම ඔයාගේ අම්මා ඒකට මහන්සි උනා දවස ගානෙම
ඒ ඔයා හුස්ම අල්ලගෙන ඉඳීවි කියලා
අපි හැමෝම බලන් හිටියා ඔයා හිනා වෙලා එනකල්
ඒත් ඔයා යන්නම ගිහින්
මට හරිම දුකයි පුතේ
මීට කලින් මේ රෝගයම තිබුන පුන්චි දරුවෝ හතර දෙනෙක්ම මම ඔබ එකතු වෙලා මේ වගේම මුදල් සම්භාරයක් එකතු කරලා දීලා සුව කළා
මම හිතුවෙම මේ දරුවත් ජීවත් වේවි කියලා
ඒත් එයාට පුන්චිම කාළයක් තිබිලා තියෙන්නෙ
මේ ලෝකේ වෙසෙන කිසිම දරුවෙකුට මෙවන් අකල් විපත් , මෙවන් රෝග නොවැළඳේවා
නිවන් සුව ලැබේවා පුතේ

Copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!