තරු ගොසිප්

මතකද එදා රටක්ම ආදරයෙන් වැලඳ ගත්ත රංගන ශිල්පී පුබුදු ගමගේව? ඇත්තටම පුබුදු රංගන අතහැරලාද

(අප්‍රේල් 30) දිනයේ පටන් යළි තිරගත කිරීම් ආරම්භ වුණු “ආකාස කුසුම්” සිනමාපටයත් එක්ක, කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක් තමයි පුබුදු ගමගේ.

චිත්‍රපටයේ ඔහුගේ චරිතය ‘උදිත්’
නාලන් මෙන්ඩිස්ගේ “සෙනෙහසට ආදරෙයි” හරහා ටෙලිනාට්‍ය නළුවෙක් විදිහට කරළියට ආව පුබුදු, එතැන් පටන් නිර්මාණ කිහිපයක් ඔස්සේම රසිකයින් අතරට පැමිණියා.

ඔහුගේ පළමු චිත්‍රපටය වෙන්නෙ, ‘ආකාස කුසුම්’
සිය ජනප්‍රියත්වයේ හොඳම කාලයේදී, පුබුදු තීරණය කරලා තිබුණා ගුරු වෘත්තියට පිවිසෙන්න.
ඒ අනුව ඔහු රංග කලාව පිළිබඳව ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතේ ආරම්භ කරනවා.
ටෙලි නාට්‍ය, සිනමාව එක්ක විතරක්ම නෙවෙයි පුබුදු කියන්නෙ දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පියෙක්.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ද වන පුබුදු ගමගේ මේ වෙද්දි ඔහුගේම නාට්‍ය හා රංග කලාව සම්බන්ධ අධ්‍යන ආයතනයක් ද පවත්වාගෙන යනවා (STARBORN Film &Television Acting Academy)
රැල්ලට හසු නොවී, මනා හැදෑරීමක් සහිතව සුදුසුකම් එක්ක ක්ෂේත්‍රයට පිවිසි අතළොස්සක් දෙනා අතර පුබුදු ගමගේ ද කැපී පෙනෙන රංගන ශිල්පියෙක් කිව්වොත් හරි.

කොහොම නමුත් නිතර දකින්න නොලැබෙන නිසාම බොහෝදෙනාගේ සැකය පුබුදු රංගනයට සමුදීල ද කියන එක.

ඊට ගෙවුණු දවසක පුබුදු අපූරු උත්තරයක් දීලා තිබුණා.
ඒ තමයි තමන් තවමත් වෘත්තීය රංගන ශිල්පියෙක් වන බවත්, මේ තරම් ඉක්මනින් රංගනයෙන් සමුගන්න නම් රංගනය හදාරන්න කැප කිරීම් කරන්නෙ නැහැ කියන එක.

සිය අධ්‍යාපන වැඩකටයුතුත්, බාහිර වැඩ කිහිපයකුත් නිසයි රඟපෑමට කාලය මදි වුණේ කියලයි පුබුදු කියන්නෙ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!