දේශීය පුවත්

” හිතන්න එපා මෑම්.. දවස් ටික ගෙවිලා යනවා ” යලි හමු නොවෙන උතුම් මිතුදමක් ගැන ඈ ලියූ සංවේදී සටහන මෙන්න

ඇය කාන්තාවක් විදිහට මේ වෘත්තියට පිවිසීමම අභියෝගයක් වුණා..

ඒත් ඒ අමාරු කාල පහසුවෙන් ගෙවාගන්න උදව් වෙන්න ඇත්තේ දසයා වගේ මිතුරන්..

ඉතින් කොහොම නම් අමතක කරන්නද ඒ වගේ මිතුරුකම්.. ඇය අද සංවේදී වෙලා ඒ ඔහුගේ මේ නික්මයාම් නිසා කිව්වොත්.. සියල්ලන්ම මේ කතාව ඉදිරියේ නම් සංවේදී වෙනවා නොඅනුමානයි.. සමහර මිතුරුකම් තියනවා සදාකාලිකවම හදවතින් බැඳෙන.. ඔවුන් දෙදෙනාගේ ඒ මිතුදමත් අන්න ඒ වගේයි.. ඇගේ මිතුරා මේ වෙද්දී ජීවිතය හැරදා ගිහින්.. කෝප්‍රල් දසයා.. ඊයේ සිදුවුණු බිහිසුණු ගුවන් අනතුර ඔබට මතක නම් මේ සිද්ධියේ කතා නායකයාට දිවි අහිමි වෙන්නේ අන්න ඒ සිද්ධිය නිසා කිව්වොත් හරි.. වසර ගණනක මිතුරුකම් එක්ක ලියවුණු ඒ සංවේදී කතාව ඇත්තෙන්ම අසන අයගේ නෙතට කඳුළක් එක්කරන කතාවක් වෙලා..

“කෝප්‍රල් දසයා..
මං දන්නව ඔයාට මේක දකින්න බෑ කියලා. ඒත් මට මේක ලියලා නිකම් හරි තියලා තියන්න ඕනෙ කෝපල් ඔයා වෙනුවෙන්.
දසයා ඔයා මගෙ පැරා බැජා… කෝස් එකෙන් මං ඔයාව අදුරගත්තෙ. කෝස් එක අතරෙ ලොකු ඇදුරුම්කමක් නොතිබ්බට ඔයා මාර විදියට උදව් කරලා තියෙනව. කෝස් එකටම හිටියෙ කෙල්ලො දෙන්නයි. ඔයාලා එක්ක දුවන්න හරි හරියට අපිට බැරි බව ඔයාලා දන්නව. එත් ඔයයි මගෙ කෝස් එකේ කොල්ලො ටිකයි කවදාවත් දාලා දිව්වෙ නෑ. ඔයා හැමදාව කොහොමහරි කරලා කට්ටිය එක්ක මාව ඇදන් ආවා. හොරෙන් හරි තල්ලු කරන් ඇවිත් ගේට් එක ගාවට එනකම් එනව. ඔයා ඒ වගේ හොද සහෝදරකමින් හිටිය කෝපල් කෙනෙක්.
අදටත් ජන්ගල් ගියොත් ඔයා නිකමට හරි කෝල් කරලා අහනව මෑම් ආවද, මොනවහරි තිබුනොත් කතා කරන්න කියලා. ට්‍රේනින් ස්කූල් එකට ආවහම දැක්කෙ ඔයා හොද දක්ශ උපදේශකයෙක් කියලා කෝපල්. ඒ තිබුන ගරුත්වෙට, සහෝදර කමට උඩින්ම ගරු කරනව.
හරිම දුකයි කෝපල්…
යන තැනක එදා වගේම හිනාවෙලාම ඉන්න,
“හිතන්න එපා මෑම් දවස් ටික ගෙවිලා යනව” කිය කිය දිව්වා වගේම.
අපි ආයෙමත් හම්බෙන් නැතිවෙයි
නිවන් සුව කෝපල් ඔයාට “

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!