Uncategorized

අවුරුදු 18කට පස්සේ මොකද්ද මේ වෙන්න යන්නේ… ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න

මේ කියන්න යන්නේ වසර 18කට පසු සිදුවෙන්න යන තවත් එක් ග්‍රහ මාරුවක් ගැන කතාවක්..

ඒ මැයි 18 වැනිදා රාත්‍රී 7.33ට රාහු කුම්භයටද කේතු සිංහයට ද සංක්‍රමයණ වීමයි..

මේ වන විට ලග්න දොළසටම දාමිණී යෝගය, වොශී වෙශී උභයචාරී යෝග, නීච භංග රාජ යෝගය මඟින් අභිවෘද්ධිය මතු කරමින් ද මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් මාලවී යෝග බලයෙන් ආකර්ෂණය සහ සමෘද්ධිය උදාවන ග්‍රහචාරයක් පවතිනවා..

රාහු කේතු ජන්මපත්‍රයක 01 -07 හෝ 04 – 10 ලෙස සම සප්තමව පිහිටා ඇති ජන්මීන් කෙරෙහි විශේෂයෙන් බලපෑම් ඇති කරනු ඇති අතර රාහු සිටි ස්ථානයෙන් 02 – 12 වැනි භාව කෙරෙහි ද විශේෂ ප්‍රතිපල ලබා දෙනු ඇතියි..

කෙසේ වෙතත් මේ රාහු කේතු මාරුව සමස්ත ලෝකයටම යම් පෙරළිකාර ආකාරයකින් බලපානවා.. කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්, ගිනිතැබීම්, ගිනිගැනීම්, අබිරහස් කුමන්ත්‍රණ බොහෝදුරට රාහු විසින් නිර්මාණය කරයි.. දේශපාලන, ආරක්ෂක, අධ්‍යාපනික, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රවල යල් පැන ගිය ක්‍රමවේද නවතාවයකට තුඩුදෙනවා… ඩෙංගු, මීඋණ, සත්ත්ව රෝග පැතිරී යා හැකි අතරම එමෙන්ම මහජනයා අතර ද වෛරස් රෝග පැතිරෙනු ඇතියි…

කුජ රාහු, ගුරු රාහු, රවි රාහු, ශනි රාහු, සිකුරු රාහු සංයෝග මෙන්ම සෙනසුරු රාහු කේතු බ්‍රහස්පති මරුවීම් ලොව පුරා යුදබිය, රෝග බිය, වෛරස් බිය, ආර්ථික බිය වැනි දේ මෙන්ම ජලගැලීම්, නායයෑම්, ගිලාබැසීම්, ගුවන්යානා, නැව්, බෝට්ටු විනාශ වීම් සහ ජීවිත හානි කෙරෙහි බලපානු ඇතියි..

සුබසෙත පුවත්පත ඇසුරෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!