Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පාසල් සිසුන්ගේ රු. 6000 දීමනාව දෙසැම්බර් 31ට පෙර ලබා දීමට රජය තීරණය කරයි

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දූ දරුවන්ට පමණක් නොව අඩු ආදායම්ලාභී සෙසු පවුල්වල දූ දරුවන්ට පාසල් පොත් සහ උපකරණ මිල දීගැනීමට දෙනු ලබන රුපියල් 6000 දීමනාව මේ වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කොට තිබේ.

අනුව ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන දූ දරුවන් තෝරාගෙන එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙළ අධ්‍යාපනඅමාත්‍යාංශය ප්‍රමුඛව ක්‍රියාත්මක කරනු ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශකළේය.

කොළඹ 01, ජනාධිපති මාවත, පැරණි වරලත් ගොඩනැඟිල්ලෙහි පිහිටි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26) දහවල් පැවති විශේෂමාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

අපේ රටේ අනාගතය බබළවන ප්‍රධානම පිරිසක් ලෙස වත්මන් දරු පරපුර හඳුනාගෙන තිබෙනවා. එම දරුවන්ගේ අනාගත සුබ සිහිනමල්පල ගැන්වීමට සවියක් සපයමින් අධ්‍යාපන පහසුකම් සඳහා වැඩි කිරීමට අපි ඉහළ අවධානයක් දක්වා තිබෙනවා. නිසා තමයි මෙමප්‍රතිලාභය හිමි විය යුතු දූ දරුවන් සියලු දෙනාටම ඉදිරි දින කිහිපය තුළ නිසි වැඩපිළිවෙළක් ඔස්සේ රුපියල් 6000 දීමනාවක් දීමටකටයුතු කරන්නේයැයි පැවසීය.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!