තරු ගොසිප්

මහින්දගේ සිනමාපටයට එන නලු නිළියන් මෙන්න…

මහින්ද රාජපක්ෂගේ සිනමාපටයට ඉන්දීය නලු නිලියන් එකතු කරගැනීමට සාකච්ඡා!

මෙරට හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් “අග්නි” නැමැති අලුත්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කෙරෙමින් තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඉන්දියානු නලු නිලියන් රැසක් එක් කරගැනීමට නියමිත අතර මේ වනවිටත් ඔවුන් සමඟ සාකච්ඡා අරඹා තිබෙනවා.

ප්‍රවීණ බොලිවුඩ් නලුවෙකු වන Govind Namdev සහ ජනප්‍රිය දමිළ නිළියක වන Ramya Krishan දෙදෙනාව මෙම චිත්‍රපටයට ‍රංගනයෙන් එකතු කර ගැනීමටයි නිෂ්පාදක කණ්ඩායම සූදානමින් සිටින්නේ!

ඔවුන් දෙදෙනා සමඟත් මේ වනවිට සාකච්ඡා අරඹා තිබෙනවා. චිත්‍රපටයේ රූගත කිරීම් ළඟදීම ඇරඹීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!