Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ලොවක් ආදරේ කරන සුපිරි බොලිවුඩ් නළුවාගේ ආදරණීය මව අවසන් ගමන් ගිහින්…

සුප්‍රකට බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ ආදරණීය මව වන නිර්මාල් දේවි කපූර් අවසන් ගමන් ගොස් තිබෙනවා.
මිය යන විට ඇගේ වයස අවුරුදු 90ක්. ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ ඈ සිය 90 වන උපන්දිනය සමරනු ලැබුවේ දරු මුණුපුරන් සියල්ලෝම එක්වයි.

ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නිර්මාල් දේවි කපූර් ඊයේ (මැයි 2) මුම්බාහිදී මෙලෙස අවසන් ගමන් ගිය බවයි.

නිර්මාල් දේවි, හින්දි සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ සුරින්දර් කපූර්ගේ ආදරණීය බිරිඳයි.
බොලිවුඩ් නළු අනිල් කපූර්, නිෂ්පාදක බෝනි කපූර් ,නළු සංජේ කපූර් සහ රීනා කපූර්,,,,, සුරින්දර් – නිර්මාල් යුවළගේ දරුවන් වේ.

එමෙන්ම අර්ජුන් කපූර්, සෝනම් කපූර්, රියා කපූර්, හර්ෂ් වර්ධන් කපූර්, ජාන්වි කපූර්, අන්ෂුලා කපූර්, කුෂි කපූර් සහ මෝහිත් මර්වා ඇතුළු ජනප්‍රිය තරු රැසක් ඔවුන්ගේ මුණුපුරු මිණිපිරියන් අතර වෙයි.

මවගේ මරණයෙන් පසු බොනී කපූර් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සිය මව “පූර්ණ හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ” බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!