මාස 6කට පස්සේ ඩොලරයට වෙලා තියෙන වැඩේ මෙන්න

මාස 6කට පස්සේ ඩොලරයට වෙලා තියෙන වැඩේ මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2‍ක් ලෙසින් සටහන්ව ඇත.

මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ.

2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *