Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජීව විද්‍යාවෙන් යාපනයේ එක දෙක, එකම පවුලේ නිවුන් සහෝදරයින්ට, ඒ තාත්තාට මොන තරම් ආඩම්බරයක් ඇත්ද ?

මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයේ දෙවැනි ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබන ජමුනානන්ද ප්‍රාණවන් සිසුවා හිමි කරගෙන තිබෙනවා.

ජීව විද්‍යා අංශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ද ඔහු හිමි කරගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය ඔහුගේ නිවුන් සොයුරා හිමි කර ගැනීම විශේෂත්වයක්.

යාපනයේ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජමුනානන්ද මහතාගේ පුතුන් වන නිවුන් දරුවන් ජීව විද්‍යා අංශයෙන් මෙලෙස විශිෂ්ට දක්ෂතා දක්වා තිබේ.

නිවුන් සොහොයුරන්ගෙන් එක් සිසුවකු වන ජමුනානන්ද ප්‍රාණවන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය ද දිනාගෙන ඇති අතර අනෙක් නිවුණු සොයුරා වන ජමුනානන්ද සරවනන් දිවයිනේ පස්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔහුන් මෙලෙස අදහස් පල කරනවා.”අපි නිවුන් සහෝදරයන්. පාඩම් කරද්දි අපට සැකයක් ආවොත් අපි එකතු වෙලා විසඳගන්නවා. දිස්ත්‍රික් මට්ටමින් මුල් පස්දෙනාට එන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපට තිබුණා. නමුත් ප්‍රථම ස්ථානයට එන්න පුළුවන් වෙයි කියලා හිතුනේ නැහැ.ඒ ගැන ගොඩක් සතුටුයි. අපිට ඉගැන්වූ ගුරුවරුන්, මවුපියන් මිතුරන්ට අපි ස්තුති කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!