මේ වෙද්දී ගං වතුර නිසා හානි වූ ජනයාට ඉඩම් පරිත්‍යාගයෙන් දායක වෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙලා.මොහු තමා ස්වාභාවික ආපදා තත්ත්වයකට මෑතකදී ඉඩම් පරිත්‍යාගයක් මුලින්ම කළ කෙනා.

මේ වෙද්දී ගං වතුර නිසා හානි වූ ජනයාට ඉඩම් පරිත්‍යාගයෙන් දායක වෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙලා.
මේ එක්ක අමතක කළ නොහැකි පුද්ගලයකු මට සිහිපත් වුණා.
ඔහු තමා ස්වාභාවික ආපදා තත්ත්වයකට මෑතකදී ඉඩම් පරිත්‍යාගයක් මුලින්ම කළ කෙනා.
ඔහු
සාමාන්‍ය ගොවියෙක්.
ඒ
අරණායක, සාමසර කන්ද නාය ගිය 2016 පාදෙණිය ,වේපත් අංගේ කපුරු බංඩා මහතා තමාට අයත් අක්කර 3ක් ඒ හානිවූ ජනතාවට දන් දුන්නා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එම පරිත්‍යාගය සිදු කළ ඒ මහතා
එහි 2017 පවුල් 17 ක් පමණ (මතක ලෙසින් ) පදිංචි කරවීමට උදාගමක් නිර්මාණය වෙන්න පටන් ගත්තා.
අරණායක ජනතාව තෝරාගත්තත් ඔවුන් එහි පදිංචි වෙන්න කැමති වුනේ නෑ. කඳු උඩ ,හිටිය අය තැනිතලාවේ ඉන්න අකැමැති වු නිසා පසුව එහි වාරියපොළ අවට අය ඉඩම් නැති අය පදිංචි කළා.
නිවාස ණයක් දුන්නා.
ජල ගැටලුවක් ආවා. ගොඩක් අය එහි පදිංචි නෑ. සමහරු වික්කා, ඉඩම් සඳහා තෝරාගැනීම ගැන යම් කසුකුසුවක් තිබ්බත් ඒ පරිත්‍යාගයෙන් ඇත්තටම සිද්ධ වුණේ
ඉඩම් පරිත්යාගශීලීයට ආත්ම තෘප්තියක්.
අද වෙද්දී ඒක රැල්ලක් වෙලා.
ඔව්. ඒක අසමසම රැල්ලක් .
🙏🙏



