Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් සටනට සුදුස්සන් තීරණය කරන ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා තරග කාලසටහන

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා.

තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගන‍යේදී පැවැත්වෙනවා.

තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන 20 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!