දේශීය පුවත්

හෝටල් ගොනා කැස්බෑව නගරේ යකා නටලා….

කැස්බෑව, බටුවන්දර උත්සව ශාලා භූමියක තිරික්කලයක ගැටගසා සිටි ගොනකු හදිසියේ කුලප්පු වී ප්‍රධාන මාර්ගයට පැන දිවයාම හේතුවෙන් ඊයේ (25) දහවල් එහි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

ප්‍රදේශයේ ජනයා හිස් ලූ ලූ අත දිව යන්නට වූයෙන් සිද්ධිය ඇසින් දුටු වාහන හිමියෝ සිය වාහන නතර කර ගැනීමට කටයුතු කළහ.

වෙළෙඳසල් ඉදිරිපිට සිටි අය ද සිද්ධිය දැක උන් හිටි තැන් අමතකව හිඳ සිටි පුටු පෙරළාගෙන වෙළෙඳසල් තුළට දිව යන්නට වූහ.

එම අවස්ථාවේදී තිරික්තලේ නැග සිටි වයෝවෘද්ධ අයකු උත්සව ශාලා පිහිටි භූමියේ ඇද වැටී ඇති බව එම ආරංචි සඳහන් කරයි.

තිරික්කලය ගැටීමෙන් නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකකටද හානි සිදුව ඇත. කුලප්පු වූ ගොනා පෙරේදා (24) රැගෙන විත් ඊයේ 25 වැනිදා තිරික්කලේ බැඳ ඇති අතර කිසියම් හෝ හේතුවකින් එලෙස කලබලව එකවරම කැස්බෑව – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට පිවිස මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට පැන කැස්බෑව දෙසට මීටර් 300 ක් පමණ දිව යන්නට වූ බව ඇසින් දුටුවෝ පවසති.

 

එලෙස තිරික්කලය සමග ගොනා වේගයෙන් දිව යාමේ දී තිරික්කලේ රෝදයක් වාහනයක පැටලීමෙන් ගොනා කිරික්තලයෙන් වෙන්ව ඇතැයි දැනගන්නට ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

එම අවස්ථාවේ දී මාර්ගය ජනාකීර්ණ නොවීම හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ වැඩිදුරටත් පවසති.

the-hotel-bull-turtle-danced-the-devil-in-the-city

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!