Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” අපේ චූටි බබා මගේ පණ ශිෂ්‍යත්වේ ෆේල්… ජීවිතේ දිනුම කියන්නේ මේ දරුවගේ ලකුණු නෙමෙයි..” පහේ හපන්නුන්ගේ ප්‍රතිඵල අතරේ ඇසෙන උතුම් දෙමව්පියන්ගේ අපූරු කතා පුවතක්..!

ගිය වසරේ රටම කතා වෙච්ච ලස්සන සිදුවීමක්…

උතුම් දෙමව්පියෝ.

අපේ චුටි බබා මගේ පණ ශිශ්‍යත්වෙ ෆේල් …. ❤️
ජීවිතේ,
දිනුම කියන්නෙ මේ දරුවගෙ ලකුණු නෙවෙයි,
ඒ ලකුනු. 87 උනත්,
නිකන්ම නිකන් 27 ක් උනත්,
මගේ පුතා ගොඩක් පැති වලින් දිනුම්…
හැදියාව අතින් අංග සම්පූර්ණ නම්,
කුස්සියට ගිහින් තනියම,
පාන් පෙත්තක බටර් ටිකක් හරි ගාගෙන කන්න පුලුවන් නම්,
වට පිටාවෙ ඉන්න හැමෝටම, ආදරණීයම චරිතයක් නම්….
ශිශ්‍යත්වෙ ෆේල් උනාම මොකද?
වැදල ඉල්ලන්නම්,
ලකුණු අඩු උනා කියල, පොඩි උන්ව මරන් කන්න එපා
මේ ලකුණින් ජිවිතේ මනින්න බෑ…
මේකෙන්ම පුරුදු කරන්න,
දිනුම වගේම,
පැරදුමත් සතුටින් භාර ගන්න…
පරදින්න හේතුව හොයන්න පුරුදු කරන්න,
ඊලග අභියෝගයට මේ පැරදුම
පාඩමක් කරවන්න….
සමත් දරුවන්ට පාර්ටි දාන්න… ❤️
තෑගි දෙන්න…
ඒ වගේම,
අසමත් මේ කිරි සප්පයන්ටත් පොඩි දෙයක් හරි ගෙනැල්ල දෙන්න ❤️
දෙමව්පියන්ගේ ආදරේ…
දිනුමකදි විතරක් නෙවෙයි,
පැරදුමකදිත් අඩු නැ කියල ඔප්පු කරන්න.
මගේ පුතා වෙනුවෙන් මේක ලිව්වෙ…
ඔයා ජීවිතේ දිනනව සුදු බබා❤️
මට විශ්වාසයි…
මොකද ශිශ්‍යත්වෙ ඔයාට ලකුණු (87) යි. මගේ ලකුනුවත් නොදන්න මම ජිවිතේ දිනලා පෙන්නුවා පුතේ.❤️
අම්මයි අප්පච්චියි ඔයාට පනටත් වඩා ආදරෙයි රත්තරන්……..❤️

උපුටා ගැනීමක් ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!