වේගය ඔහුගේ ජීවිතම උදුරාගෙන… තවත් තරුණයෙකු ගැන ඇසෙන දුක්බර කතාවක් මෙන්න

වේගය ඔහුගේ ජීවිතම උදුරාගෙන… තවත් තරුණයෙකු ගැන ඇසෙන දුක්බර කතාවක් මෙන්න

ඒ තවත් එක් තරුණ ජීවිතයක්.. ඔහුගේ ඉරණම මේ විදිහට විසඳේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..

මේ කතාව ඇසෙන්නේ දොඩංගොඩ ප්‍රදේශයෙන්..

කළුතර, දොඩංගොඩ, කොස්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා සවස සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාර්ග රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා තිබුණා.. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි දොඩංගොඩ පොලිසිය පැවසුවේ..

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම, හොරවල පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්..

කළුතර සිට මහරගම දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන එම සුඛෝපභෝගී බස් රථයට කොස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදිය වෙනත් වාහනයක් පසුකර යෑමේදී ගැටී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසනවා..

අනතුර සිදුවන ආකාරය එම සුඛෝපභෝගී බස් රථයේ වීඩියෝ කැමරාවේ සටහන් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *