විශේෂාංග

ස්ටීව් ජොබ්ස් තමන්ගේ දරුවන්ට ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන්න නොදුන්නේ ඇයි..?

ස්ටීව් ජොබ්ස් තමන්ගේ දරුවන්ට ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන්න නොදුන්නේ ඇයි..? 🚫👨‍👧‍👦
ලෝකයේ තාක්ෂණික පෙරළියක් කරපු, iPhone එකේ නිර්මාණකරු ස්ටීව් ජොබ්ස් තමන්ගේ දරුවන්ට අයිෆෝන් එකක් පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?
ඔව්, ඒක ඇත්තක් අද වෙනකොට අපි හැමෝම ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉද්දී, ස්ටීව් ජොබ්ස් එයාගේ ළමයින්ට ෆෝන් පාවිච්චි කරන එක තහනම් කළා, ස්ටීව් ජොබ්ස් ඇයි එහෙම කලේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු,
🔍 වසර 2010. අයිපෑඩ් (iPad) එක ලෝකෙටම හඳුන්වා දුන්නා,. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්යවේදී නික් බිල්ටන්, ස්ටීව් ජොබ්ස්ගෙන් මෙන්න මෙහෙම ප්රශ්නයක් ඇහුවා.
“ජොබ්ස්, ඔයාගේ ළමයි අයිපෑඩ් එකට ගොඩක් ආදරේ ඇති නේද? ඒගොල්ලෝ ඒක ගොඩක් පාවිච්චි කරනවා ඇති නේද? කියලා,
ජොබ්ස් දුන්න පිළිතුරෙන් නික් විතරක් නෙවෙයි, මුළු ලෝකයම පුදුම වුණා.
“නෑ, ඇත්තටම මම මගේ දරුවන්ට අයිපෑඩ් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. අපි නිවසේදී දරුවන් තාක්ෂණය පාවිච්චි කරන කාලය ගොඩක් සීමා කරලයි තියෙන්නේ.”
හිතන්න, ලෝකයේ අංක එකේ තාක්ෂණික මෙවලම් හදන මිනිහා, තමන්ගේම දරුවන්ව ඒවගෙන් ඈත් කරලා තිබ්බේ ඇයි?
🤔 ස්ටීව් ජොබ්ස් කියන්නේ සාමාන්ය ව්යාපාරිකයෙක් නෙවෙයි, ඔහු දූරදර්ශී මිනිසෙක් ඔහු දැනගෙන හිටියා ඔහු නිර්මාණය කරපු දේ කොයිතරම් දුරට මිනිස් මොළයට ඇබ්බැහි වීමක් ඇති කරනවාද කියලා. ඔහුට ඕන වුණේ නැහැ තමන්ගේ දරුවෝ ඩිජිටල් වහලුන් වෙනවා දකින්න.
ජොබ්ස් පවුලේ හැමෝම එකට වාඩි වෙලා රෑ කෑම කනකොට කිසිම කෙනෙක් අතේ ෆෝන් එකක් හෝ අයිපෑඩ් එකක් තිබුණේ නැහැ ඔවුන් කතා කළේ පොත් පත් ගැන, ඉතිහාසය ගැන සහ විවිධ අදහස් ගැන. ඩිස්ප්ලේ එකක් දිහා බලාගෙන ඉන්නවාට වඩා, එකිනෙකාගේ දෑස් දෙස බලාගෙන කතා කිරීමේ වටිනාකම ඔහු දරුවන්ට පුරුදු කළා.
🧠 තාක්ෂණයේ “අඳුරු පැත්ත” ඔහු දැන සිටියා ස්ටීව් ජොබ්ස් පමණක් නෙවෙයි, බිල් ගේට්ස් (Bill Gates) පවා තමන්ගේ දරුවන්ට වයස අවුරුදු 14 වෙනකම් ජංගම දුරකථන අරන් දුන්නේ නැහැ සිලිකන් නිම්නයේ (Silicon Valley) ඉන්න ප්රධාන පෙළේ ඉංජිනේරුවන් තමන්ගේ දරුවන්ව යවන්නේ තාක්ෂණය අවම Waldorf වගේ පාසල් වලට.
ඔවුන් දන්නවා මේ කුඩා තිරය පිටුපස තියෙන රහස
මේ ඩිස්ප්ලේ නිසා නිර්මාණශීලිත්වය මොට වීම සිදු වෙනවා, හැමදේම ෆෝන් එකෙන් දකිද්දී, දරුවෙක්ගේ හිතීමේ ශක්තිය අඩු වෙනවා.
සමාජීය සබඳතා බිඳ වැටෙනවා, යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට ගේම් ගහන්න පෙළඹීම නිසා.
අවධානය එක තැනක තබා ගැනීමට නොහැකි වීම ඇති වෙනවා, රීල්ස් සහ ටික්ටොක් වලට ඇබ්බැහි වීමෙන් ලැබෙන හානිය ඔහු එදාම දැක්කා.
✨ අපි අද දරුවා කෑම කන්නේ නැති නිසා අපි අතට ෆෝන් එක දෙනවා. දරුවා අඬන නිසා අපි ෆෝන් එක දෙනවා. හැබැයි මේ ලෝකය වෙනස් කරපු මිනිස්සු තමන්ගේ දරුවන්ව ඒවගෙන් ආරක්ෂා කළා.තාක්ෂණය කියන්නේ හොඳ මෙවලමක්, හැබැයි ඒක හොඳ ස්වාමියෙක් නෙවෙයි.
අයිෆෝන් එකක් අතේ තියෙන එක අද කාලේ ස්ටේටස් එකක් වෙන්න පුළුවන්. හැබැයි නියම වටිනාකම තියෙන්නේ තාක්ෂණය පාලනය කරමින්, සැබෑ ලෝකයේ මිනිසුන් එක්ක ජීවත් වෙන එකේ කියලා ස්ටීව් ජොබ්ස් අපිට කියලා දෙනවා.
💡ඊළඟ වතාවේ ඔබේ දරුවා පැය ගාණක් ෆෝන් එකේ ඉන්නවා දැක්කොත්, ස්ටීව් ජොබ්ස්ව මතක් කරගන්න. ලෝකෙටම අයිෆෝන් දුන්න මිනිහා තමන්ගේ දරුවන්ට දුන්නේ පොත් සහ සංවාද පමණයි.
ඔබත් ඔබේ දරුවාට දෙන්න ඕනේ හොඳම දේ ස්මාර්ට් ෆෝන් එකක්ද? නැත්නම් ඔබේ කාලය සහ ආදරය ද?
ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න. මේ වැදගත් කතාව තවත් කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න! 👇

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!