Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාව පලාත් සභා ඡන්දයෙන් පසුව..!

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉදිරි පළාත් සභා මැතිවරණය හමාර වූ පසු සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්කරයි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට විධායක බලය පැවරෙන ආකාරයේව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය හමාර වූ පසු ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යවස්ථාවට අන්තර්කාලීන විධිවිධානයක්ද ඇතුළත් කරනුඇතැයි සඳහන්ය. ඉන් අනතුරුව ඉදිරියේදී නාමමාත්‍ර ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම රජයේ සැලසුමය.

වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ පවත්නා මනාප ඡන්ද ක්‍රමය එලෙසම පවත්වා ගත යුතුය යන යෝජනාව සුළු පක්ෂ රජයට ඉදිරිපත්කර තිබේ. ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරා ගැනීමට ගියහොත් එය සුළු ජාතික නියෝජනයට බලවත් බාධකයක් බව සුළු පක්ෂවලඅදහසය.

කෙසේ වෙතත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විමසුමකටද ලක් කිරීමට සිදුවනු ඇතැයි නීති අංශපෙන්වා දෙයි.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!