දේශීය පුවත්

අයථා ලෙස උපයාගත් ධනය ගැන ප්‍රශ්න කරන්න යෝෂිත CID කැදවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවාතිබේ.

අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී සිටින්නැයි දන්වා ඇත.

අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් එහිදී ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වන නෙවිල් වන්නි අාරච්චිගෙන්ද අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඊයේ දිනයේද පැය හතරක පමණ ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ ආයතා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටඅදාළවය.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!