පොලිස් අත්අඩංගුවේ සිටි නිරූපණ ක්ෂේත්‍රයේ නැගී එන තරුණයෙකුට වූ සංවේදී ඉරණම…

පොලිස් අත්අඩංගුවේ සිටි නිරූපණ ක්ෂේත්‍රයේ නැගී එන තරුණයෙකුට වූ සංවේදී ඉරණම…

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ‍අසාධ්‍යව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

අදාළ තරුණයා වැලිකඩ ප්‍රදේශයේදී නිවෙසකට ඇතුළු වී සිට ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා පොලිසියට බාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අත්අඩංගුවේ සිටියදී මෙසේ අසාධ්‍යව ඇති අතර මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව‍යි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

ඔහු රෝහල් සාත්තු සේවය පිළිබදව පාඨමාලාවක් හදරමින් සිට තිබෙනවා.

එමෙන්ම අදාළ තරුණයා නිරූපණ ශිල්පියකු හා නර්ථන ශිල්පියකු ද වෙනවා

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *