Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

බොලිවුඩ් රජු ‘ කිං ඛාන්’ මාධ්‍ය එක්ක අමනාපයෙන්ද ? බොලිවුඩ්යෙන් ඇසෙන ඇස් උඩ යන කතාව මෙන්න…

බොලිවුඩයේ රජු මාධ්‍ය සමග අමනාපයෙන්ද?

ශාරුක් ඛාන් යනු ලෝකයේ බොහො දෙනා ප්‍රිය කරන සහ ආදරය කරන රංගන ශිල්පියෙක්.

බොලිවුඩය තුළ ශාරුක් මාධ්‍ය ඉතා හොදින් හසුරවන කෙනෙක්. ඔහුට මාධ්‍යවේදීන් අසන ප්‍රශ්ණ වලට ඉතාම සන්සුන්ව හා නිර්භීතව ඔහු පිළිතුරු ලබා දෙනු ලබනවා.

නමුත් 2021 වසරේ සිට ශාරුක් ඛාන් මාධ්‍ය වෙතින් ඈත් වී සිටින බවක් දක්නට ලැබෙනවා. එයට හේතුව ලෙස මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ඔහුගේ පුත් ආර්‍යන් ඛාන්ගේ සිදුවීමයි.

2021 වසරේදී ආර්‍යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාස විසින් අතඅඩංගුවට ගන්නා ලද අතර ඔහුව බැලීමට ශාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෝරි ඛාන්ද බන්ධනාගාරය වෙත ගොස් තිබුනි.

මේ පිළිබදව ඡායාරූප ශිල්පියෙක් වන වරින්දර් චව්ලා Hindi Rush හී සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස අදහස් දැක්වුවා

” මම ශාරුක්ව මුණ ගැසිමෙන් අනතුරුව මට වැටහුණා ඔහු ඔහුගේ දරුවන්ට කොතරම් ආදරය කරනවාද කියලා. මටත් දරුවන් සිටින නිසා මට එය හොදින් තේරුම් ගන්න පුළුවන්. මගේ දරුවා ගැන වුවත් නරක දෙයක් කියනවා නම් මටත් එය දරා ගන්නට බෑ වගේම තමයි ශාරුක්ටත් ආර්‍යන් පිළිබදව සිදුවිම මාධ්‍ය ආවරණය කල ආකාරය ගැන දුකක් සහ කළකිරිමක් තිබෙන්නේ. අපි දුක්වෙනවා ඔහු අපිට ඔහුගේ පිංතූර ගැනීමට ඉඩ නොදෙන එක ගැන”

බොලිවුඩයේ රජු මාධ්‍යයට සමාව දෙනු ඇතැයි සියළුම දෙනා අපෙක්ශා කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!