Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

කොළ පාට වෙලා තියෙන අංකුර තියෙන අල කෑවොත් මෙන්න වෙන්න යන වැඩේ…

අර්තාපල් කියන්නේ අපේ ආහාර වේල් තුළ නිතරම දකින්න ලැබෙන සහ වැඩි දෙනෙක් කන්න කැමති ආහාරයක්.

නමුත් ඔබ දැකලා ඇති සමහර අර්තාපල් ගෙඩි තියෙනවා ඒවායේ පැත්තක් කොළ පාටයි. ඉඳලා හිටලා එක්කෙනෙක්, දෙන්නෙක් ඒවා ආහාරයට ගත්තද එවැනි අර්තාපල් කෑවොත් අපේ සිරුරට විෂ විය හැකියි.

ඒ නිසා අර්තාපල් මිලදී ගද්දී මේ ගැන අවධානය යොමු කරන්න.

? අල ගෙඩිය කොළ පාටවි ඇත්නම් හෝ කුඩා අංකුර ඇත්නම් ඒවා පරිභෝජනයට කිසිසේත් සුදුසු නැහැ. විශේෂයෙන් අංකුර ඇති සහ කොළ පැහැ අර්තාපල්වල සොලනින් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා ශරිරයට විෂ වෙනවා.

? නිතර දෙවේලේ අංකුර සහිත අල අනුභව කරන අයට මෙම විෂ ශරිරගත වී ස්නායු පද්ධතියට හානි සිදු වෙනවා.

? එමෙන්ම බඩේ කැක්කුම, වමනය, කැරකැවිල්ල, උගුරේ දැවිල්ල, හිසරදය ආදි රෝග ඇතිවිමට ද පුළුවන්.

? අංකුර සහිත අල දිර්ඝ කාලයක් පරිභෝජනයෙන් පිළිකා වැළඳීමේ ප්‍රවණතාවක් තියෙනවා.

? එලෙස අර්තාපල් ආලෝකයට නිරාවරණය වීමෙන් මේ කොළ පැහැ ගැන්වෙන අතර විෂ නිපදවීම ස්‌වායත්තව සිදු වෙනවා.( ඉබේම සිදු වෙනවා)

? මේ නිසා ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් පවසන්නේ කොළ පැහැ අර්තාපල් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසයි.

? ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අඩුම තරමේ කොළ පැහැ කොටස කපා ඉවත් කර පිසීමට ගත්තත්, කොළ පැහැ කොටසේ අඩංගු වී තිබෙන විෂ සංඝටක මුලු අර්තාපල් ගෙඩිය පුරාම පැතිරී ගොස් තිබිය හැකි බවයි.

සොලනීන් යනු

? සොලනීන් නැමැති විෂ රසායනික ඇතුළත් වන්නේ අර්තාපල්වල පමණක්‌ නෙවෙයි. ඒවා බෙරි වර්ගවලද අඩංගු වෙනවා.

? සොලනීන් විෂ නිසා ඔබ ආසාදනයට පත් වූ පසු උදරාබාධ, ආන්ත්‍රික ආබාධ මෙන්ම උණ රෝග ලක්‌ෂණද පෙන්නුම් කරයි.

? දේහයේ කිලෝග්‍රෑම් එකක බරට සාපේක්‌ෂව මිලිග්‍රෑම් 6ක මාත්‍රාවක්‌ ශරීරගත වුවහොත් විෂ වන බව සඳහන්.

? සාමාන්‍යයෙන් ආසාදන ලක්‌ෂණ පහළ වන්නේ විෂද්‍රව්‍ය ශරීරගත වීමෙන් පැය 12 කට පමණ පසුයි.

? එහෙත් ප්‍රබල මාත්‍රාවක්‌ ඇතුළු වී නම් පැය භාගයෙන් රෝග ලක්‌ෂණ පෙන්වයි.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!