තරු ගොසිප්

‘මේ ටැටු නිර්මාණවලින් කියවෙන්නෙ, මගේ ජීවිතයට පොඩි හෝ සම්බන්ධයක් ඇති දෙයක් ගැනයි…” ඔයත් හර්ෂි රසංගාගේ ටැටූ වලින් කියවෙන දේ දැනගන්න කැමති ද ?

රඟපෑමෙන් අයින් වෙලා සිංදු කියන්න පටන් ගත්ත හර්ෂි රසාංගා, දැන් කරළියට එන්නෙ ‘ෂීටා’ විදියට.

හර්ෂි, ‘ෂීටා’ වෙද්දි ඇගේ භාහිර රූපයත් සෑහෙන්න වෙනස් වුණා. ඒ, ටැටු කලාවත් එක්ක.

හර්ෂි කියන විදියට මේ වෙද්දි ටැටු 25ක් විතර ඇය කරලා තියෙනවා.

සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක් වන ඈ, ටැටු නිසාම නිතර කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි.

ගෙවුණු දවසක හර්ෂි සිය ටැටු ගැන මේ විදියට කතා කරලා තිබුණා…

”අපේ අක්කි තමයි මුලින්ම ටැටු එකක් කරලා තිබුණෙ. ඉතින් මට ඒක දැක්කාම ආසාවක් ඇති වුණා.
ඒ කාලයේ කරන්න බැරි වුණේ රඟපාද්දි චරිතවලට අනුව ටැටු ගහන්න බැරි නිසයි.
ඒ චරිතයේ රූපය වෙනුවෙන් කැපවෙන්න වෙනවනෙ. ඒ නිසා රංගනයෙන් ඉවත් වූ පසුව තමයි ටැටු කලාවට හිත ගියේ.
හැබැයි, මම මේ විදියට සිරුරේ යොදාගෙන ඇති ටැටු නිර්මාණවලින් කියවෙන්නෙ මගේ ජීවිතයට පොඩි හෝ සම්බන්ධයක් ඇති දෙයක් ගැනයි…”

”හැම දෙයක්ම කලාවක්නෙ. ඉතින් වෘත්තීමය වශයෙන් මේ කලාව හදාරා ඇති කෙනෙකුගෙන් කළොත් හොඳයි.
මට හමුවුණේ ඒ වගේ වෘත්තීමය දැනුම ඇති කෙනෙක්…”

උපුටාගැනීම : සඳැල්ල

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!