දේශීය පුවත්

තත්ත්වය බරපතලයි. මේ අවුරුද්දේ මේ වෙද්දි වෙඩි තැබීම් 46යි. සැකකරුවන් 100කට වඩා අත්අඩංගුවට අරන්… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසනවා.

ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, එම වෙඩි තැබීමේ සිදුවීම් 31 සඳහා සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පවසා සිටියා.

මෙම වෙඩි තැබීමේ සිදුවීම් සඳහා භාවිතා කරන ලද ගිනි අවි 41ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එම ගිනි අවිවලින් 27ක් පිස්තෝල වර්ගයේ ගිනි අවි බවත්, අනෙක් ගිනි අවි 14 T-56 වර්ගයේ ගිනි අවි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!