‘නාය ගිය තැන් සුළු වැස්සටත් සක්‍රීය විය හැකියි’- මහාචාර්ය අතුල සේනාරත්න

‘නාය ගිය තැන් සුළු වැස්සටත් සක්‍රීය විය හැකියි’- මහාචාර්ය අතුල සේනාරත්න

වර්ෂාව පහව යෑමත් සමග නාය ගිය ස්ථාන යම් ආකාරයකට ස්ථාවර වී තිබෙන බවක් පෙන්නුම් කළත් සුළු වර්ෂා තත්ත්වයකදී පවා එම ස්ථාන යළි සක්‍රීය වීමේ වැඩි ඉඩක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශ‍යේ හිටපු ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල ‍සේනාරත්න පවසයි.

පස් කඳු කඩා වැටීම් හා නාය යෑම් සිදුව තිබෙන ස්ථානයක හානි නොවී තිබෙන නිවාසවල යළි පදිංචියට යෑමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු රැසක් තිබෙන බව ද ඔහු කීය.

පොළොව අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය නොදැන ඇතැම් පිරිස් මෙවැනි ස්ථාන නැරඹීමට යන බව ත් එමගින් විශාල ආපාදාවකට ලක්වීමේ අවදානමක් පවතින බව ත් මහාචර්යවරයා පැවසුවේය.

නාය ගොස් දැනට ඉතිරි වී තිබෙන කොටස් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු වගකිව යුතු ආයතන මගින් පරීක්ෂාවට ලක්කර ස්ථිර දැනුම් දීමක් කරන තෙක් ඒවාහි පදිංචියට යෑම නුසුදුසු බව ද ඔහු අවධාරණය කළේ ය.

වර්ෂාව නොපවතින අවස්ථාවකදී පවා දැනට පසේ පතින තෙතමනයත් සමග විශාල ගල් කඩා වැටීමේ අවදානමක් තිබෙන බවද මහාචාර්යවරයා කීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *