දේශීය පුවත්

” උන්නා නං කියයි ඈ ගැන පද බන්දා.. දුන්නා නං කියයි රසමුසු තැන් රන්දා… සුරලොව ගිය ඈ ගැන අද ගුණ වයන්නට ඔහු සිටියා නම්…

ඇය සමඟ බොහෝ දෙනෙක්ට බැඳුණු මතක හරිම සුන්දරයි..

අද ඔහු ජීවතුන් අතර නැතත්, හිටියා නම් ආදරණීය කතා බොහෝමයක් කියාවි..

ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ කලාවට තවත් හිස්තැනක් ඉතුරු කරමින් නික්ම ගිය චරිතයක්.. අද ඔහු සිටින ඒ සුරලොවටම මාලනියත් නික්ම ගොසින්.. ඔවුන් දෙදෙනාම එහේ දැන් සතුටෙන් ඇති.. මේ කියන්න යන්නේ මියැඳුණු ඔවුන් වෙනුවෙන් කසුන් එක්කළ තවත් එක් සංවේදී සටහනක්..

උන්නා නං කියයි ඈ ගැන පද බන්දා
දුන්නා නං ලියයි රසමුසු තැන් රන්දා
පන්නා කොතෙක් ආමුත් නීරස නින්දා
පෙන්නා හිනාවෙයි ඔහු ආදරෙ හන්දා

රඟමඬලක් තමයි ඇත්තට ජීවිතය
විඳි දුක් කන්ද පමණක් එහි මීවිතය
පොරමඬලක් වුණත් කුකුලනි නාටකය
සඳමඬලක් නොවෙද සුන්දර මාලිනිය

දෑසින් පෑව ඉඟි බිඟි හරි මනහාර
දෝතින් අරං ආ තරුණිය හැඩකාර
බඹරුන් පවා වටකොටගත් දඟකාර
දළඹුවො දන්නෙ නෑ ඇය පෑ ශෘංගාර

පුංචිම රටක පුංචිම තැන සිට ආපූ
පුංචිම නොවන දෙන්නෙකි බෝ කටු කාපූ
පුංචිම දෙයින් මහ ඉහළින් වැඩ දාපූ
විශාල චරිත කොපමණ වෙද පණ දීපූ

රිදී තිරේ ගැස්සෙනවද දැනගන්ට
පාට උපැස් ගලවා නිදහස් වෙන්ට
කලාව නැතුව බෑ මිනිසුනි තුටුවෙන්ට
මේ පිං බෙලෙන් නඳුනුයනේ උපදින්ට !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!