Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගුවන් සේවිකාවක් කෝටි 4 ක රන්බඩු එක්ක අත්අඩංගුවට…

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් (4,59,26,957) වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පෞද්ගලික ගුවන් සමාගමක ලාංකික ගුවන් සේවිකාවක් ඊයේ (04) අලුයම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියක බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු සඳහන් කළහ. ඇය සේවය කළ ගුවන් යානයෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබූ අතර, ගුවන් යානා කාර්යය මණ්ඩලයට වෙන් කර ඇති පිටවීමේ දොරටුවෙන් පිටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත. කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 163ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය ඇය රැගෙන ආ ගමන් මල්ලක සූක්ෂම ලෙස සඟවා තිබී ඇති බව රේගු නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!