Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” ජාතික විජයග්‍රාහි සැමරුමට ජනපති සහභාගි වෙන බව මුල සිටම තීරණය කර තිබූ දෙයක්…” අමාත්‍ය විජිත හේරත් කියයි

ජාතික විජයග්‍රාහී සැමරුම සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුල සිටම තීරණය කර තිබුණු බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වූ බවත්, සංවිධාන කටයුත්ත පමණක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට එම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි ඊයේ (19) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලෙසට ප්‍රකාශ‍ කරන්නේ එය බවද, එහි සන්නිවේදනයේ ගැටලුවක් පැවති බවද අමාත්‍යවරයා ප්‍රකා‍ශ කළා.

ජනාධිපතිවරයා එම සැමරුම සඳහා සහභාගී වීමට මුල සිටම තීරණය කර තිබුණු බවත්, එය අලුතින්, හදිසියේ ගත් තීරණයක් ‍නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එයට සාක්ෂි අවශ්‍ය නම්, ජනාධිපතිවරයා සැමරුමට සම්බන්ධ වන ලෙස දන්වා, අදාළ ආරක්ෂක කටයුතු සඳහා පසුගිය 10 වැනිදා බුද්ධි අංශ නිලධාරීන්ට යවන ලද ලිපියක් ද මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වන බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!