දේශීය පුවත්

සත්තු වත්තේ අතුරුදන් වූ ඇනකොණ්ඩා හැංගිමුත්තන් කරලා..!

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අතුරුදන් වූ පිඹුරු වර්ගයට අයත් කහ ඇනකොන්ඩා දින දහයකට පසු මීට ස්වල්ප වේලාකට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදීම හමුවී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර ප්‍රකාශ කළා .

මෙම ඇනකොන්ඩා අතුරුදන් වී තිබුණේ පසුගිය හයවෙනිදා රාත්‍රී කාලයේදී.

 

ඇනකොන්ඩා සෙවීම සඳහා දිවා මෙහෙයුම් කිහිපයක්ම සිදුකළ අතර මීට දින තුනකට පෙර සිට රාත්‍රී මෙහෙයුම් ද දියත් කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

අද(16) රාත්‍රී කාලයේදී කළ සෝදිසි මෙහෙයුමකදී ඇනකොන්ඩා සිටි කූඩුවේ සිට මීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කබඩ් එකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ ඇනකොන්ඩා සිටි බව ඔහු සඳහන් කරනවා.

ඇනකොන්ඩා සිටි කූඩුවේ ඉතා කුඩා සිදුරකින් මෙම සතා එළියට ගොස් ඇති බවත් එම සත්වයා කබඩ් එකක ලාච්චුවක සැඟවී සිට ඇති බවත් එම නිලධාරියා පෙන්වා දෙනවා.

 

මෙම ඇනකොන්ඩා පැටවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් සාමාන්‍යයෙන් පිඹුරු වර්ගයට අයත් සතුන් ආහාර ලබා ගන්නේ සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් නිසා ආහාර ගැටළුවක් මෙම ඇනකොන්ඩා පැටවාට ඇතිවී නැති බවත් දැනට එම සතා නිරෝධායනය කිරීමට යොමු කර ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!