Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හුළුඅතුවලින් පහර දී අලියා පිළිස්සූ එකම පවුලේ තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි. සාක්ෂි දෙන්න ගිය ගම්මුන්ට මොකද වුණේ……?

මිහින්තලේ ප්‍රදේශයේ වනඅලියකුට හුළුඅතුවලින් පහර දී පුළුස්සා මරා දැමීමේ අතිශය අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන අද (08) අලුත්ම තොරතුරු වාර්තා වුණා.

වනඅලියකුට ගිනි තබා වධ හිංසා පමුණුවා මරා දැමූ බවට චෝදනා ලැබ සිටින එකම පවුලේ තිදෙනෙකුට අදත් ඇප ලබාදීම අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව ලබන 16 වැනිදා දක්වා ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සැබැවින්ම කම්පනය දනවන සුළුයි. ඔහු ප්‍රකාශ කළේ සීප්පුකුලම අඹගහවෙළ ප්‍රදේශයේ ගම්වාසීන් මෙම අපරාධය ගැන ප්‍රකාශයක් ලබා දීමට පවා දැඩි ලෙස බිය වී සිටින බවයි.

සැකකරුවන්ගේ පාර්ශ්වයෙන් එල්ල වන බලපෑම් නිසා ගම්මුන් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, මොවුන්ට දැන්ම ඇප ලබා දුන්නොත් සාක්ෂිකරුවන්ට තවදුරටත් මාරක තර්ජන එල්ල විය හැකි බවත් රජයේ නීතිඥවරයා මෙහිදී අවධාරණය කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මොවුන් සති දෙකකට වඩා කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින නිසා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙසයි. හැබැයි වනජීවී දෙපාර්තමේන්තුව සහ පැමිණිලි පාර්ශ්වය මීට දැඩි විරෝධය පළ කළා.

අවසානයේ සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනෙවිය තීන්දු කළේ, විමර්ශනවලට බාධා විය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවයි.

hiru  gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!