දේශීය පුවත්

අතහැරලා දාපු බල්ලෙක් “ෂෙල් එකක” නිල සේවකයෙක් වුණු අපූරු කතාව! 

අතහැරලා දාපු බල්ලෙක් “ෂෙල් එකක” නිල සේවකයෙක් වුණු අපූරු කතාව!

බ්‍රසීලයෙන් ඇහෙන මේ කතාව ඇත්තටම හරිම ලස්සනයි. මේ ඉන්නේ Negão. එයාගේ පරණ අයිතිකාරයෝ මෙයාව බ්‍රසීලයේ ඉන්ධන පිරවුම්හලක් හදන තැනක දාලා ගිහින් තිබුණා. තනියම අසරණ වෙලා හිටපු මේ අහිංසකයා ගැන ඒ station එක අලුතින් මිලදී ගත්ත සබ්‍රිනා ඇතුළු පිරිසගේ හිත උණු වුණා.

උන් මෙයාව පාරට ඇදලා දාන්නේ නැතුව, බෙහෙත් හේත් කරලා, කන්න බොන්න දීලා එයාලගේ පිරවුම්හලේම නතර කරගත්තා. හැබැයි එතනින් නතර වුණේ නැහැ. Negão ගේ තියෙන මිත්‍රශීලී ගතිය දැකපු අයිතිකාරයෝ, මෙයාව ඒ station එකේ නිල “පිළිගැනීමේ නිලධාරියෙක්” විදිහට පත් කළා!

දැන් Negão ට එයාගෙම කියලා Uniform එකක් වගේම ID Card එකකුත් තියෙනවා.  එතනට එන පාරිභෝගිකයෝ Negão ට කොච්චර ආදරේද කියනවා නම්, එයාට සෙල්ලම් බඩු, කෑම ජාති ගේන්නත් අමතක කරන්නේ නැහැ.

සත්තුන්ට ආදරය කරන මේ වගේ මිනිස්සු ලෝකෙට ලොකු ආදර්ශයක්. අපිට පුළුවන් පොඩි උදව්වක් තව ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කියන්න මේක හොඳම උදාහරණයක්.

ඔයාලත් මේ වගේ ලස්සන වැඩ ගැන මොකද හිතන්නේ? පහළින් Comment එකක් දාගෙන යන්න.

#Negao #HeartwarmingStory #AnimalLovers #Kindness #PissiMage #SriLanka #fblifestyle

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!