වන්නිලෑත්තෝ අහස් යාත්තරාවකින් කොහෙදෑ මේ මංගච්චන්නේ…

වන්නිලෑත්තෝ අහස් යාත්තරාවකින් කොහෙදෑ මේ මංගච්චන්නේ…

ආදිවාසී වැදි ප්‍රජාවේ නායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ ඩුබායි සංචාරයකට එක්ව තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක දැක්වෙන්නේ ඩුබායි සිට කොළඹ බලා පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL 226 ගුවන් යානයට වන්නිලෑ ඇත්තෝ සාදරයෙන් පිළිගත් බවයි.

ඔහුට සත්කාර කිරීමට ලැබීම ගෞරවයක් බව ද ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ නායකයා ලෙස, ඔහු අප සමඟ සිටීම දිවයිනේ ගැඹුරු මුල් බැසගත් උරුමය සහ සංස්කෘතික පොහොසත්කම සිහිපත් කිරීමකි. ශ්‍රීලන්කන් ගුවන් සේවය තෝරා ගැනීම ගැන ඔබට ස්තූතියි.” යනුවෙන් එම සටහනේ දැක්වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *