“මගේ දුවට වුණු දේ බලන්න..” – හැම අම්මා කෙනෙක්ම මේක කියවන්න.. අපි නොදන්නා පැත්තකින් අපේ දරුවෝ අනතුරේ වැටෙන්න පුළුවන්!

‘අම්මෝ ඇති ඔයින් ගියා කියලා මට හිතුණා.. මේක ලියන්නේ මගේ දුව මුහුණ දුන් ඒ අත්දැකීමෙන් තවත් දරුවෙක් බේරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්.”
ඊයේ මගේ දුවගේ නහයේ එක දඹල ඇටයක් තියෙනවා දැකලා අපි ගොඩක් කලබල වුණා.
මුලින්ම ගම්පහ හැම හොස්පිටල් එකකටම ගියත් කිසිම තැනකින් දුවව බාරගත්තේ නැහැ.
අන්තිමේදී අපි රිජ්වේ ආර්යාව ළමා රෝහලට (LRH) දුවව අරන් ගියා. ගිය ගමන්ම දුවව බාරගත්තාම මට දැනුණේ ලොකු සැනසීමක්.
ඒත් ඒ සැනසීම බියක් වුණේ ENT ඩොක්ටර් ඇවිත් කැමරා එක දාලා බලපු වෙලාවේ..
මුලින් පෙනුණු දඹල ඇටේ අයින් කළාම ඩොක්ටර් කිව්වා තව එකක් තියෙනවා කියලා..
ඒක අයින් කරද්දී තව එකක්.. ඊටත් පස්සේ තව එකක්.. දෙවියනේ, දවස් දෙකක් ඇතුළත දුවගේ නහයෙන් දේවල් 6ක් ඉවත් කළා!
දඹල ඇට දෙකක්..මදටියා ඇටයක්..පීනට් (රටකජු) එකක්..සියඹලා ඇටයක්.. නූල් වලට එතුණු මස් ගුලි වගයක්,මේ හැමදෙයක්ම දුව නහය ඇතුළේ හංගගෙන ඉඳලා තියෙන්නේ.
පිටතින් කිසිම අමාරුවක් පෙන්නුවේ නැහැ, හොඳින් සෙල්ලම් කර කර හිටියා. ඊයේ හවස එක නහයකින් ලේ (Blood) ආපු නිසයි මම දුවව පෙන්වන්න අරන් ගියේ. නැත්නම් මම අදටත් මේක දන්නේ නැහැ.
ඩොක්ටර් කිව්වේ දුවගේ නහය ඇතුළේ කැසීමක් වගේ තියෙන්න ඇති කියලා. ඒ “සනීපෙට” දුව කාලෙක ඉඳන් මේවා එකින් එක දාගන්න ඇති කියලා හිතනවා. මගේ කෙල්ල දැන් හෙම්බත් වෙලා..
අම්මලාට මම ආදරෙන් කියන්නේ: දරුවෝ සෙල්ලම් කරන අතරතුර අපි නොදැනුවත්වම මේ වගේ දේවල් දාගන්නවා.
අන්තිම මොහොතේ හොඳටම අමාරු වෙනකම් ඉන්න එපා. නිකමට හරි දරුවාගේ අමුත්තක් පෙනෙනවා නම්, නහය කසනවා නම් අනිවාර්යයෙන්ම ENT (උගුර, කන, නාසය) විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වලා චෙක් කරගන්න.



