Uncategorized

මඤ්ඤොක්කා, ඉඟුරු එකට කන්න එපා කියන්නේ මෙන්න මේ නිසා

 

කෑම බීම පරිභෝජනයට ගන්නා විට ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු අවස්ථා බොහෝමයක් පවතිනවා..

මේ කියන්න යන්නේ අන්න් ඒ වගේ තවත් එක කාරණාවක් ගැනයි..

කෑම බීම පරිභෝජනයට ගන්නා විට ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු අවස්ථා බොහෝමයක් පවතිනවා.. මේ කියන්න යන්නේ අන්න් ඒ වගේ තවත් එක කාරණාවක් ගැනයි..

සමහර වෙලාවට මේ වගේ හිතන්නේ නැතුව අපි ගන්න කෑම බීම නිසා හිතන්නේ නැති විදිහේ ආසාද්මිකතා ඇතිවෙන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද..? ඒත් මේ කියන්න යන කතාව නම් ටිකක් වෙනස්..

අපේ අම්මලා කියනවනේ මඤ්ඤොක්කා කාලා ඉඟුරු තේ බොන්න එපා කියලා.. ඇයි කියලා ඇහුවම එයාල කියන්න දන්නෙ විස වෙනවා කියලා විතරයි.. විද්‍යාත්මක හේතුවක් කියන්න දන්නෙ නෑනේ..

– මඤ්ඤොක්කා අලයේ සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් (Cyanogenic glycoside) නම් සංයෝගය අක්‍රියව ගබඩා වී පවතිනවා.. මඤ්ඤොක්කා පොත්තේ ඇති ලිනමරේස් නම් එන්සයිමය මගින් සයනොජෙනික් සංයෝගය හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) බවට පත්කළ හැකියි… මෙය ශරීරයට විෂ විය හැකියි.. අලය කෘමීන්ගෙන් ආරක්ෂා කරගැනීමට ස්වභාවයෙන්ම එම සංයෝගය උපකාරී වන අතරම, මඤ්ඤොක්කා තැම්බීමේදී පොතු හොඳින් ඉවත් කළ යුත්තේ ඒ නිසයි.. ඉඟුරුවලද ලිනමරේස් එන්සයිමය අඩංගු වෙනවා..

– මඤ්ඤොක්කා තැම්බීමේදී භාජනය විවෘතව තැබීමෙන් මේ සංයෝගය වාෂ්ප වෙනවා… වතුර වැඩිපුර දමා පෙරා ගැනීමේ හේතුවත් එයයි. තුන්වරක් පමණ වතුර මාරුකරමින් තම්බාගැනීම වඩා සුදුසුයි.. ලුණු දමා තැම්බීම සුදුසු නොවේ..

– ලිතියම් නැමැති ඖෂධය භාවිතා කරන අය මඤ්ඤොක්කා ආහාරයට අහිතකරයි…

අන්තර්ජාලය ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!