Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

මෙසී බලන්න ආ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි

තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණියේය.

ඔහු එහි ප්‍රදර්ශන පාපන්දු ඉසව්වකට පැමිණෙන බව සංවිධායකයන් දැනුම් දී තිබී ඇත.

කෙසේ නමුත් ඔහු ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් එහි ක්‍රීඩාලෝලීන් කෝපයට පත්ව ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර යම් කලබලයක් ඇතිකර තිබේ.

ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ මෙසීව දැකගැනීමට හැකිවූයේ විනාඩි 10ක් පමණක් බවත්, සංවිධායකයින් තමන්ව රවටා ඇති බවත්ය.

මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ සංවිධායකයන් ඉන්දීය රුපියල් 18,000ක (ශ්‍රී.ල.රු. 61,000) මුදලකට ප්‍රවේශපත්‍රයක් අලෙවිකර ඇති බවත් සඳහන්ය.

කෙසේ නමුත් මේ වනවිට අදාළ ඉසව්වේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ada derana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!