දේශීය පුවත්

රශ්මිකා මන්දනා විවාහයට‍ පෙර අවසන් girls only ට්‍රිප් එකට ලංකාවට ඇවිත්

ජනප්‍රිය බොලිවුඩ් සහ දකුණු ඉන්දීය රංගන ශිල්පිනී රශ්මිකා මන්දනා සිය කාර්යබහුල රූගත කිරීම් කාලසටහනෙන් මිදී කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ සමීපතම මිතුරියන් පිරිසක් සමඟ එක්වූ මෙම සංචාරයේ සොඳුරු අවස්ථාවන්

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා රසිකයන් සමඟ බෙදාගෙන තිබූ අතර, ලබන වසරේ සිදුවීමට නියමිත බව කියන ඇයගේ විවාහයට පෙර පවත්වන ලද ‘බැචලරෙට්’ (bachelorette) සාදයක් ලෙස මෙය නම් කළ හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා අතර කුතුහලයක් ඇති වී තිබේ.

තමන්ට ලැබුණු දින දෙකක කෙටි විවේකය උපරිමයෙන් භුක්ති විඳීම සඳහා ශ්‍රී ලංකාවේ අලංකාර සංචාරක නිකේතනයක් තෝරාගත් බවත්, කාලය කොතරම් කෙටි වුවද මිතුරියන් සමඟ ගත කරන මෙවැනි සංචාර තමන්ට ඉතා වටිනා බවත් රශ්මිකා සිය ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්, ඓතිහාසික ස්ථාන සහ විනෝදජනක සාදයන් ඇතුළත් ඡායාරූප පෙළක් ඇය විසින් පළ කර තිබූ අතර, කහ පැහැති ගිම්හාන ඇඳුමකින් සැරසී වෙරළ තීරයේ ඇවිද යන ඡායාරූප සහ තැඹිලි පානය කරමින් විවේකීව සිටින අවස්ථාවන් ඊට ඇතුළත් විය.

මෙම සංචාරය පිළිබඳව රශ්මිකා විසින් නිශ්චිත අරමුණක් ප්‍රකාශ කර නොතිබුණද, ඇයගේ රසිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කරමින් මෙය ඇයගේ විවාහයට පෙර පැවැත්වූ විශේෂ සැමරුමක් දැයි ප්‍රශ්න කර තිබිණි. සමහර රසිකයන් මෙය “බැචලරෙට්” සාදයක් දැයි විමසූ අතර, තවත් පිරිසක් ඇයගේ කාර්යබහුල ජීවිතය මධ්‍යයේ මිතුරන් වෙනුවෙන් කාලය වෙන් කිරීම අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබීම විශේෂත්වයකි.

වෘත්තීය ජීවිතයේ ඉහළ සාර්ථකත්වයක් අත්විඳිමින් සිටින රශ්මිකා මන්දනා අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේ ආයුෂ්මාන් කුරානා සමඟ රඟපෑ ‘තම්මා’ (Thamma) නම් ත්‍රාසජනක හාස්‍ය චිත්‍රපටය හරහාය. මැඩොක් හොරර් කොමඩි විශ්වයට (Maddock Horror Comedy Universe) අයත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉන්දීය රුපියල් කෝටි 187ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ අතර, එය මේ වන විට ඇමසන් ප්‍රයිම් (Amazon Prime) හරහා විකාශය වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!