විජය අයියා එදා දැකපු හීනය මම අද හැබෑ කරගත්තා..” – මිහිරි සිරිතිලක නෙතඟට කඳුළක් එක්කරමින් තැබූ සංවේදී සටහන.. – Photos

අපේ රටේ අමතක නොවන රංගන ශිල්පී විජය නන්දසිරි මහතා ජීවතුන් අතර සිටියදී තමන්ගේ ආදරණීය පුත් රසාංජන නන්දසිරි ගැන ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටියා.
“පුතා ගුවන් නියමු පුහුණුවට යනවා, දවසක එයා පදවන ප්ලේන් එකක යන්න ලැබෙයි” කියලා විජය නන්දසිරි මහතා එදා ප්රවීණ රංගන ශිල්පිනී මිහිරි සිරිතිලකට පවසා තිබුණා.
නමුත් අවාසනාවකට ඒ වාසනාව දකින්නට විජය නන්දසිරි මහතාට අවස්ථාව ලැබුණේ නැහැ.
එදා විජය අයියාගේ ඒ ප්රාර්ථනාව අසා සිටි මිහිරි සිරිතිලක, රසාංජනගේ අත් දෙක අල්ලාගෙන දවසක ඔහු පදවන යානයක යන්නට ලැබේවායි ප්රාර්ථනා කර තිබුණා.
ඔන්න දැන් ඒ වාසනාවන්ත දවස උදා වෙලා. ශ්රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා යන අතරතුර මිහිරි සිරිතිලකට රසාංජන පදවන යානයේ ගමන් කිරීමට අවස්ථාව ලැබීලා.
“විජය අයියාට ඒ වාසනාව ලැබුණේ නැති වුණත් මට ඒ අවස්ථාව ලැබුණා” යැයි පවසමින් මිහිරි සිරිතිලක තැබූ මේ සටහන දැන් මුහුණු පොතේ කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.
රසාංජන ගැන නිම්හිම් නැති සතුටක් දැනෙන බවත්, පියාගේ හීනය පුතා සැබෑ කළ බවත් ඔහු පවසන්නේ හද පතුලෙන්ම නැගුණු සතුටකින්.
”විජේ නන්දසිරි මහත්තයා දවසක් මට කිව්වා අපේ පුතා ගුවන් නියමු පුහුනුවකට යනවා දවසක එයා පදවන ගුවන් යානෙක යන්න ලැබෙයි කියලා….
ඒත් එතුමාට ඒ වාසනාව ලැබුනෙ නෑ.





