තරු ගොසිප්

තාත්තේ නුඔ නැග්ග බස් එක තාම මෙහේ මම හොයනවා’ දිවංගත රංගධර ගාමිණී හෙට්ටිආරච්චි ගැන ආදරණීය චූටි දූ ප්‍රතිභා තැබූ සංවේදී සටහන මෙන්න

දුවෙකුගේ ජිවිතේ වීරයා තාත්තා

තාත්තේ නුඔ නැග්ග බස් එක තාම මෙහේ මම හොයනවා
පාරේ උන්ගේ රැවිලි, ගෙරවිලි, ගල් කැටත් පත වදිනවා
අහනවා මම කියනවා – නෑ උන් අහන් නෑ හිතෙනවා
කැරකී කැරකී පාරවල් වල බස් අංකේ මම හොයනවා

නුඔ හිටිය නං කඩුව අරගෙන මමත් යුද්දෙට බහිනවා
පැටලි පැටලි නුඔව දැක උන් දුවන හැටි මට මැවෙනවා
අමුතු ගැම්මක් හිතට ඇවිදින් සිනහවක් මුව නැඟෙනවා
කැඩුනු වලවල් පාර මට රතු පලස වගේ දැනෙනවා

මතක ඇති මම ගිරවි වාගේ කාරේකේදි කියපුවා
දවසේ විස්තර,ඕප-දූපත් මහා සද්දෙන් රඟ පපා…
රේඩියෝවක් මොකට කාරෙකේ බොත්තමත් ඔබ එය නිමා
අහයි මගේ පච උවමනාවෙන් මහා වැදගත් යැයි මවා

කියනවා කෑ ගහනවා මම එකම දේවල් හඬ තලා
ඇහෙන් නෑ කිසි කෙනෙක් හට දැන් රේඩියෝ හඬ වැඩි වෙලා
ආවොතින් ඔබ පුදුම වෙයි, කට මටත් නොදැනිම ලොක් වෙලා
සිනහා වෙන්නට කම්මැලියි දැන් හිතත් මාගේ ලෙඩ වෙලා

ජීවිතේ හරි මහන්සියි මට නවතින්නමයි හිතෙන්නේ
පොඩි පැටවු තල්ලුවක් දාලා අම්මි හයියෙන් කියන්නේ
නුඔ හිටිය නං උනුත් කරපිට මාත් කරපිට හෙන ගැම්මකින් දුවන්නේ
“මක් කරන්නද තාත්තේ මම? “පුරුදු පරිදිම ඇහෙන්නේ

විහිලු ඇති දැන්වත් කියන්නකෝ කොහෙද ඉන්නේ කියලා
එන්න පුලුවන් කියපු සැනියෙන් ඒ බස් එකටම නැගීලා
කියන්නට නං ගොඩක් දේවල් ඇත මගේ හිත පුරෝලා
කාටවත් කිසි වැඩක් නැති ඒ ඔබට රසවත් ටොප් කතා

මීට
චූටි දූ,
ප්‍රතිභා හෙට්ටිආරච්චි

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!