Uncategorized

විවාහක ඔබට දරුඵල ප්‍රමාද ද? එහෙනම් මෙන්න මේ හේතු දැන්ම අවම කර ගන්න

විවාහයෙන් පස්සේ යුවලකට තියෙන එකම බලාපොරොත්තුව දරු සුරතල් බලන එක. ඒත් ඉතින් ඒ වාසනාව සමහර අයට නැතුව යනවා. ඒකට ඉතින් එක එක විදියේ හේතු බලපානවා. සමහර විට ඔයා හිතුවේ වත් නැති මේ කියන හේතුත් ඔබේ දරුඵල ප්‍රමාදයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දරුඵල ප්‍රමාද අය මේ කියන දේවල් ගැනත් ටිකක් වැඩිපුර හිතන්න වේවි.

සරු කාලය නිවැරදිව හදුනා නොගැනීම දරුඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන හේතුවක්. කාන්තාවකගේ සරු කාලය නිවැරදිව හඳුනාගෙන එම සරු කාලයේදී ලිංගික සබඳතා පැවැත්වීම මඟින් ඉක්මනින්ම ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඇතැම් අය තමන්ගේ සරු කාලය නිවැරදිව හදුනා ගන්නේ නැහැ. මේ නිසා තමන්ගේ සරු කාලය ගැන හොද අවබෝධයක් තියා ගන්න එක ඉතාමත් වැදගත්.

ලිංගික සබඳතා සීමා කිරීමත් මේකට තවත් හේතුවක්. සමහර කාන්තාවන් හිතන වැරදි දෙයක් තමයි නිතරම ලිංගික සබදතා පැවැත්වීම ගැබ් ගැනීමට අයහපත් විදියට බලපානවා කියන එක. ඒත් ඒක වැරදි අදහසක්. නිරවුල් මනසක් ඇතිව සෞඛ්‍ය සම්පන්න ලිංගික ජිවිතයක් පවත්වා ගැනීම ඉක්මන් දරුපල ලැබීමට අනිවාර්යෙන් බලපානවා.

ලිංගික ජීවිතය මනසට පීඩනයක් ගෙන දෙන්නක් බවට පත් කර ගැනීමත් බොහෝ දෙනෙක්ට බලපාන තවත් ප්‍රධානම හේතුවක්. නිතර නිතර ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇතැම් කාන්තාවන් අකමැත්තක් දක්වනවා. ඒ ගැන ඇති අකමැත්ත අවිඥානිකව බලපෑම් කරනවා. මානසික පීඩනයක්, වදයක් බවට පත් වෙනවා. එය ලිංගික ජීවිතය අවුල් වෙන්නත්, දරුවන් ලැබීමට යාමේදීත් අනිවාර්යෙන් බලපෑම් කරනවා.

වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සඳහා යොමු නොවීම කියන්නේ මෙතැනදී ඇති වන තවත් ගැටළුවක්. දරුපල ප්‍රමාද වීමට කාන්තාවගේ වගේම පිරිමියාගේත් යම් යම් දුර්වලතා හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැක හැර දැන ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ගැබ් ගැනීමකට විශේෂයෙන් කාන්තාව ඉතාමත් හොඳ කායික නිරෝගී භාවයකින් සිටිය යුතුයි. ඒ වගේම පිරිමියාත්. හැබැයි මෙතැනදී කායික නිරෝගිභාවය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. නින්ද, හොද සෞඛ්‍ය පුරුදු, පෝෂ්‍යදායී ආහාර, මානසික සැහැල්ලුව, කිරි සිහිනය සැබෑ කරගන්න නැතුවම බැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!