Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සීප්පුකුලමේ අන්ධ අලියාට ගිනි තැබීමේ සිද්ධියට 3ක් අල්ලයි…

අනුරාධපුර, මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී අලියෙකුට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා තවදුරට ත් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසේ.

එම අලියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිතව ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කිසියම් පිරිසක් විසින් සීප්පුකුලම අඹගහවෙලදී එම සත්ත්වයාට ගිනි තබා ඇති අතර ඊයේ (දෙසැ. 16) උදෑසන වන විට ඒ ආසන්න පෞද්ගලික ඉඩමක අසාධ්‍ය තත්ත්වයෙන් වැතිරී සිටිනු දක්නට ලැබිණි.

එම අලියාගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබී ඇති අතර ඉදිරිපස එක් කකුලක් වෙඩි වැදීමෙන් වූ තුවාලයක් හේතුවෙන් ආබාධිතව පැවති බව පැවසේ.

අනුරාධපුර වන අඩවි ඒකකයේ සහ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙන් ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන අතරතුර ඊයේ දහවල් සත්වයා මරණයට පත්ව ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!