සයුරෙන් එහා පුවත්

ගුවන් යානයක් අහසේදීම ගිනි ගනී..

කියන්න යන්නේ උඩුගුවනේ සිදුවුණු තවත් බිහිසුණු අනතුරක් ගැන කතාවක්..

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා…

මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති ගුවන් යානය ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවයි වාර්තා වන්නේ..

යානය ගමන් ආරම්භ ක‍ර සුළු මොහොතකට පසුව මෙම ගින්න හට ගෙන ඇති අතර ඒ අනුව එය හදිසි ගොඩබැස්සවීමකට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

කෙසේ වෙතත් අදාළ ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කර තිබෙනවා..

මෙම සිදුවීම වන අවස්ථාවේ යානය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට අතර මෙම ගින්න හේතුවෙන් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ..

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!