Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් කැඳවයි.!

වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් කැඳවයි.!

පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙනු ඇති බවය.

විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තරග කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සාමාජිකයෙකි.

පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව නොවැම්බර් 20 වනදා සිම්බාබ්වේට එරෙහිව තුන්කොන් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි හිදී පැවැත්වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!