සයුරෙන් එහා පුවත්

ඉතාලියම කළඹමින් පුපුරා ගිය එට්නා ගිනි කන්ද ගැන දැන් ඇසෙන මේ කතාව මොකද්ද ?

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි ලෝක ප්‍රසිද්ධ එට්නා ගිනි කන්ද සක්‍රීයව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිසිලියේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි එට්නා ගිනි කන්ද, ලොව ක්‍රියාකාරීම ගිනි කන්දක් වන අතර වසරකට කිහිප වතාවක් එහි පිපිරීම් සිදු වෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර එහි දැවැන්ත පිපිරීමක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව ඉහළ උෂ්ණත්ව වායූන්, අළු සහ පාෂාණ කොටස් නිකුත් වන අන්දමයි, අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝපටල දැක්වෙන්නේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශය ආශ්‍රිතව සියලුම ගුවන් ගමන් නතර කර ඇති බවටත් සිසිලියානු සිවිල් ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!