Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සැමියා සමග ඇමතුමේ සිටියදී ඇය දිවි ගමනෙන් සමු ගනී ! සමාජ මාධ්‍ය කැළඹූ පුවතක සත්‍ය කතාව

කෑගල්ල, ගොඩැල්ල මාවතේ පදිංචි විසි අට හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් තම විදේශගත සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් ගනිමින් සිටි අතරතුර විහිළුවක් කිරීමට ගොස් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවට පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මුල්ලේරියාව පොලිස් වාර්තා අනුව මියගිය අනුත්තරා සිරිමාන්න නම් මෙම තරුණ කාන්තාව වසර තුනකට පෙර විවාහ වී ඇති අතර, ඇගේ සැමියා දැනට විදේශයක රැකියාවක නියැලී සිටියි.

ඇය තම මාපිය නිවසේ පදිංචිව සිටි අතර, සැමියාගේ සහයෝගයෙන් එම නිවස අසල නව නිවසක් ඉදිකර තිබේ.

පසුගිය සෙනසුරාදා දින සිදුවූ මෙම සිද්ධියට පෙර, ඇය නව නිවසට සුභ මොහොතින් පදිංචියට යාමට සූදානම් වෙමින් සිට ඇති අතර,එම අවස්ථාවට ඇගේ සැමියා ද ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.

පොලිස් විමර්ශන වලින් හෙළිවන්නේ, අනුත්තරා තම කාමරයේ ඇඳක් මත පුටුවක් තබා, වහලයේ එල්ලූ තොණ්ඩුවක් ගෙලට දමාගෙන සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් ගැනීමට උත්සාහ කර ඇති බවය.

මෙම අවස්ථාවේදී කලබලයට පත් සැමියා නිවසේ සිටි ඥාතීන්ට දැනුම් දී ඇතත්, ඔවුන් එම ස්ථානයට ළඟා වන විට පුටුව පෙරළී යාමෙන් ඇය ගෙල සිරවී මිය ගොස් ඇති බව සදහන්.

මියගිය අනුත්තරා හිඹුටාන ප්‍රදේශයේ ළදරු පාසලක ගුරුවරියක ලෙස සේවය කර ඇති අතර, දියණියන් සිව්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූවාය.

කෙසේ වෙතත් මේ පිළිබදව අප මුල්ලේරියාව පොලිසියෙන් කළ විමසීමකදී සදහන් කර සිටියේ ඇය පවුල් ආරවුලක් මත මෙලෙස ගෙල වැලලාගෙන ඇති බවයි..

 

Hiru News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!