දේශීය පුවත්

පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණු ඒ ඡායාරූපයේ සැඟවුණු කතාව තමයි මේ.

ඒ ඡායාරූපය හැමෝටම මතක ඇති.

පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණු ඒ ඡායාරූපයේ සැඟවුණු කතාව තමයි මේ.

එදා මහා වැස්සෙන් ගම් බිම් දෙගොඩ තලා යද්දී 69දෙනෙක්ගේ පිහිටට තිබුණේ මේ කඩ කාමරය.

ඔහුන් 69ක් මේ කඩ කාමරයේ වහලය උඩ තම දිවි රැකගත්තා.

ඒ විදියට වහලය හදපු දුමින්ද අයියා ඒ කතාව කීවේ මේ විදියට…

”මාව දුමින්ද අයියා කියලා තමයි අඳුරන්නෙ. මං තමයි ගැහුවෙ වහලෙ. දැනට මාස හය හතකට වගේ ඉස්සරලා.ළඟ ළඟ පර්ලින් දාලා ගැහුවෙ. ඒ අයියට සල්ලි නෑ කියලා ස්ලැබ් එක දාන්න, මට කිව්වා මල්ලි වහලෙ තාවකාලිකව ගහගන්න ඕනි කියලා.

මම ඊට පස්සෙ තාවකාලිකව වුණත් ශක්තිමත් වෙන්න ඕනි හින්දා ළඟ ළඟ පර්ලින් දාලා අඩි දෙක හමාරෙන් දෙක හමාරට වගේ පර්ලින් දාලා ගැහුවෙ වහලෙ. අපේ තාත්තලගෙ ඉඳන් පරම්පරාවෙන්ම වඩු බාස් උන්නැහැලා. පොඩි කාලෙ ඉඳලම වඩු වැඩ කරනවා. මට සෑහෙන සතුටුයි මම ගහපු වහලයකින් මෙහෙම ජීවිත සංඛ්‍යාවක් බේරුණු එක ගැන….’

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!