Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් වැලඳ ගත් එදා කෝපි කඩේ අද වැහිලම ගිහින්ද ???

මෙහෙම හිතුනේ මේ ඊයේ පෙරේදා අහම්බෙන් වගේ යූටියුබ් එකේ කෝපිකඩේ අලුත් කොටසක් බැලුවට පස්සේ..

ඉස්සරම පොඩි කාලේ අපි කෝපි කඩේ බැලුවට පස්සෙ. පසු කාලීනව අතරින් පතර වගේ තමා මම කෝපි කඩේ බැලුවේ.. මට මතක විදිහට මම කෝපි කඩේ බලන එක නැවැත්තුවේ දයාවතී විදිහට රඟපාපු සුසිලා කෝට්ටගේ මහත්මිය ටෙලිනාට්‍යයෙන් අයින් උනාට පස්සෙයි.. ඊට පස්සේ සහ ඒ කාලෙම කෝපි කඩේ කතාව ගෙතුනෙම පොලී මුදලාලිගේ ඥාති පුතෙක් වුන සුනිමල් (වසන්ත කුමාරසිරි) වටායි.

කතාවේ පොලී මුදලාලි, එන්සිනා , සාමෙල් , අප්පුවා , අබිලින් නැති වුනාට පස්සේ කතාව විනෝදකාමීව ඇදන් ගියේ බංඩා,සුවදා, ඩිංගි මහත්තයා සහ දයාවතී තමයි. මෙතනිනුත් සුවදා සහ බංඩා කතාවෙන් ඉවත්වෙනවා සහ මේ කාලෙම ඩිංගි මහත්තයත් ඉවත්වනවා. ඊට පස්සෙයි ඉතා සුළු චරිතයක් වූ සුනිමල් ළමයගේ තිරකාලය වැඩිවෙන්නේ.. (ආයෙත් පසුකාලීනව ඩිංගි මහත්තයා සහ බංඩා කතාවට සම්බන්ධ වෙනවා)

පස්සේ කාලෙක පරිපාලනයේ ගැටුමක් නිසා පරන හිටපු ගොඩක් නළු නිළියන් මේ නාට්ටියෙන් ඉවත් වනවා සේම කෝපි කඩේ නම් වූ නොස්ටැල්ජික් මතකයත් ඒ අය එක්කම අපෙන් ඈත් වෙනවා..

දැන්නම් කෝපි කඩේ විකාශය වෙන්නේ ලෝකයේ දීර්ඝතම ටෙලිනාට්‍ය කියන වාර්ථාව පෙන්නනද කොහෙද? නැත්තන් සිරාවට වෙසක් එකට දහම් පාසලේ දෙක වසර පොඩි උන් මීට වඩා ලස්සන වෙසක් නාට්‍ය හදනවා…

අතීතයේ කෝපි කඩේ රසවත් කළ ප්‍රවීණ නළු නිළියන් රැසක් මේ වන විට ජීවතුන් අතර නැහැ. ඉතින් මේ ඡ්‍යාරූප පෙළ ඔවුන්ගේ මතකය ආවර්ජනය කිරීම පිණිස දාන්න කියලා හිතුවා.. ❤️❤️

Mmp Ranaweera
______
,
උපුටා ගැනීමක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!