දේශීය පුවත්

පානීය ජල බෝතල් වැඩි මිලට විකිණූ අයෙකුට ලක්ෂ පහක දඩයක්…

පානීය ජල බෝතල් වැඩි මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ වෙළඳ ආයතනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් සිදු කර ඇත.
ඒ අනුව එම වෙළඳ ආයතනයට එරෙහිව (10) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරන ලද අතර, අදාළ නඩුවේ දී පානීය ජල බෝතලයක් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියම කර ඇත.

එමෙන්ම තවත් සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, (10) දින චූදිතයන් 14 දෙනකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දි නඩු ගොනුකල අතර, ඉන් වරද පිළිගත් චූදිතයන් 12 සඳහා ගරු අධිකරණය මගින් රුපියල් අටලක්ෂ අසුදහසක දඩ මුදලක් මුදලක් නියම කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ආපදා අවස්ථාවේදී පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරිමේ වැඩ සටහාන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ඒ ප්‍රදීප් කලුතරආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිලරත්නායක මෙහෙයවීමෙන් මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙම වැටලිම එම්.මුත්තුසිවානෝ, ඩබ්.එම්.එච්.ජි.ගාමිණී, එච්.ඩි.ඩබ්.කේ.එම්.ආර්. බි. හපුහින්න, එස්.එම්.රස්ලාන්, අයි.එන්.එම්.ඩි. කන්දේවත්ත, එම්.සි.ඩි. දිසානායක යන නිළධාන් විසින් සිදු කර ඇත.

රංජිත් රාජපක්ෂ

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!