ලෝකය කොතරම් දියුණු වුවත් සොබාදහමට පිටින් යන්නට කිසිවෙකුට නොහැකි ය.  කැලිෆෝනියාවේ දුක්බර කතාව

ලෝකය කොතරම් දියුණු වුවත් සොබාදහමට පිටින් යන්නට කිසිවෙකුට නොහැකි ය. කැලිෆෝනියාවේ දුක්බර කතාව

සියල්ල එක සැනින් විනාශ වී යා හැකිය
Pray For California

කැලිෆෝනියාවේ ගින්න…
හොලිවුඩ් වටකරගෙන තියෙන ලොස් අන්ජලීස් නගරයේ ධනවත් සබර්බ් කීපයක පහුගිය දින කීපයක සිට රඟ දැක්වෙන ස්වභාව දහමේ විත්‍රපටය හොලිවුඩ් වල ඉමැජිනේශන් එක පවා ඉක්මවා යන එකක් කියල කියන්නෙ. නොබලපු කෙනෙක් නැති නොදන්න කෙනෙක් නැති මට්ටමේ කතාවක් ඒක.
මේ ගින්න නිවන්න තිබ්බෙ නැද්ද?

… කියල ලංකාවෙ බොහො දෙනා අහනවා. අවු පහකට කලින් මේ වගේම තත්වයකට මුහුණ දීපු නගරයක ඉන්න නිසා අපේ අත්දැකීම් සහ පහුගිය ටිකේ ඔය සීන් එක බලල බලල තේරුම් ගත් හා අහන්නට ලැබුණු කාර්ණා ඇසුරින් මේ සටහන ලියන්න හිතුවේ ඔය ප්‍රශ්නයට උත්තර දෙන ගමන්ම ලැව් ගින්න ගැනත් පොඩි අවබෝධයක් ලබාදෙන්න. රටතොට නොදන්නා තරම කියන්නෙ ඔය කලාපෙ සිතියමක් වත් බැලුවෙ මීට දවස් දෙකකට විතර කලින්. ඒ නිසා සබර්බ හා භූ විශමතා පිළිබද වැරදි ඇතොත් හරි ගස්සන්න. ඒ වගේම මීට කලින් ලියු දේවල් සහ රෙලවන්ට් කාරණා කීපයක් කමෙන්ට් වල දානව.

කැලිෆෝනියාවේ මේ ගින්න සහ සිඩ්නි නගරය ආසන්නයේ 2019 අති වූ ගින්න අතර සැහෙන සමානකම් තියෙනව. පැසිෆික් සාගරික පීඩන මත රදපවතින එල් නිනෝ හා ලා නිනා කියන දේශගුණ ආන්තික තත්වවල බලපෑම් ලබන ස්තාන දෙකක් මේ දෙකම. අපේ ලැව්ගිනි මේ තරම් දරුණු වන්නේ ඔය දෙකෙන් එක වෙදර් පැටන් එකක් නිසා අසාමාන්‍ය ලෙස අදික වර්ශාවක් සීසන් (අවුරුදු එකහමාරක් වගෙ කාල) කීපෙක වැටිලා අමතර වතුර නිසා ගහකොල ලොකුවට වර්ධනය වුන වෙලාවක දේශගුනය මාරුවෙලා අනිත් අන්තය එන නිසා. ගස් වලට වර්ශා රහිත කාල දරන්න පුලුවන් භූගත ජල මට්ටම් ඒවායෙ මුල් සීමා තුලපවතිනකම් පමනයි. වහින්නෙත් නැතුව භූගත ජල මට්ටම පහල ගිහින් ගහට වතුර නොලැබී යාමත් එක්කම එය දරමිටියක් වගෙ වේලෙනව. කලින් ලොකුවට වැවුනු මේ ගස් ගින්නට විශාල ඉන්ධන සපයුමක් කරනව. කැලිෆෝනියාවට අසාමානය් ලෙස වර්ශාව ලැබුනු සීසන් දෙකකට පස්සෙ 2024 අප්‍රේල් සිට වැහි පොදක්වත් නෑ කියල කියන්නෙ. මෙහෙත් වුණේ ඕකම තමා. ගින්න නිර්මාණය වන පසුතලය ඕකයි. පැසිෆික් එල් නිනෝ ලා නිනා සීරු මාරු වලින් ඇතිවන ගිනි තත්ව වලට සමර් ද වින්ටර් ද කියන එක අදාලම නෑ.

මෙහෙම වියළීගිය තැනක කිසියම් ක්‍රියාකාරකමකින් පොඩි හෝ ගින්නක් ඇතිවුනොත් අන්න ඒ ගින්න මේ වගෙ මට්ටමකට ලොකු වෙන්න බලපාන ඊගාව කාරණය වන්නෙ සුළග. කැලිෆොනියාවේ තත්වය සිඩ්නිවල තිබ්බට වඩා බයානකයි. අපේ ලැව්ගිනි වලට බලපෑවේ අඩු වේගවල සුළන්. ඒත් කැලිෆෝනියාවේ හරිකේන් වේගව්ල සුළන් සද්ධතියක් හමා යනවා සැන්ටා ආනා කියල කියන. ඒව එන්නෙ ඇරිසෝනාවේ කාන්තාර කලාප හරහා. පැකිමි 130 ඉක්මවන සැන්ටා ආනා සුළන් විසින් ගින්න හා පුළිගු රැගන් යාම තමා මේ වේගවත් ගිනි ප්‍රහාරයට හේතුව. මේ තරම් වේගවලදි කුණාටුව ගින්න සමග මුහුවෙලා සුළන් වෙනුවට එන්නෙ ගිනිදැල් (පෝස්ටෙකේ විඩියෝව බලන්න). පැකිමි 130 වේගෙන් හමන ගිනිදැල්ලක්. සමහරු ඕකට පර්ෆෙක්ට් ස්ටෝම් හෝ පර්ෆෙක්ට් ෆයස්ටෝම් කියනව. සිඩ්නි නගරයට මේ තර්ජනය එල්ල වී නැහැ. එහෙම සුළන් පැටර්න් එකකුත් නෑ. ඒ තරම් සුළන් ආවොත් වැස්සත් එනවා.

ඊ ගාව වෙනස ලෙස මම දකින්නෙ ගින්නට හසු වූ ප්‍රදේශ වල සැකැස්ම, මේ ප්‍රදේශ සැලකෙන්නෙ ලොස් අන්ජලීස් නගරයේ කොටස් ලෙස වුනාට මේවා තියෙන්නෙ කදු හා වනාන්තර අතර මිශ්‍රණයක් ලෙස. සිඩ්නි නගරය හෝ ප්‍රාන්තයේ විශාල නගර එකක්වත් මෙහෙම තමන්ගෙ ඇතුලට පොඩිපොඩි කෑලි ලෙස වනන්තර ඇතුල් කරගෙන නෑ. ලැව් ගින්නක් නගරයක් ඇතුලට එන්නෙ නගරය තුන වනයේ ස්වරූපයක් තිබ්බ නිසා. අනික මේව ලොකු ඉඩම් වල තියෙන මැන්ශන්ස්. පෑලිසේඩ්ස් පෑසඩීනා හොලිවුඩ් මැලිබු අක්කර බාගෙ විතර ලේයර්කල ඉඩම් වල මන්දිර හෝ ලොකු ගෙවල් සහ ලොකු වත්ත පිටියක ගහකොල වවන් උන්නු තත්වයක් පේන්නෙ (මේ සමග දාන පෑලිසේඩ්ස් වල පින්තුරෙ බලන්න) සම්පුර්නයෙන්ම වගෙ විනාශ වී ගියා කියන (නිවාස 5000 ඉක්මවා පිලිස්සුනු) ඇල්ටාඩිනා කියන්නෙ නගරයට දුරින්තරමක් මිල අඩු කලාපෙක අක්කරේ වගෙ ලොකු ඉඩම් වල මිනිස්සු නිස්කලන්කව උන්නු පැත්තක්. ගිනි ගන්න කලාප වල මෙහෙම ජීවන රටා පවත්වාගන්නව කියන්නෙ අනතුරට අතවැනීමක්. ගිනි නිවන්නන් හට කැලිෆෝනියා ගින්න නගරය තුලත් සිඩ්නිගින්න නගරයෙන් පිටත් සටන් කරන්න හේතුවෙන්නෙ ඒකයි. අපේ නගරය වනයෙන් වෙන්ව තියෙන නිසා. ඒත් නගරයෙන් ඉවත්ව නිස්කලන්ක ගම් ජීවිත ගෙවන්න ගිය අයගේ නිවාස සිඩ්නි අවටත් පිලිස්සී ගියා ඉලක්කමෙන් ඔතරම් නෑ.

කෝම හරි මේ තත්ව යටතේ නිර්මාණය වන ගින්න කියන්නෙ ගිනිදැල් අඩි සියගණන් උසට යන සුළග පවා ඇවිලී යන පුළිගු කිමි ගනන් දුර ගිහින් වැටිල අලුත් ගිනි ඇතිකරන තත්වයක්. මේ ගින්න නිවන්න පුලුවන් තාක්ශණයක් කාටවත් නෑ. සිඩ්නි අවට ඇවිලුණු ගිනි වලටත් කලේ නිවන එක නොවේ කන්ටෙන්ශන් ලයින්දාගෙන දේපොල වලට හැරෙන එක නවතන් උන්න එක. ඒව ඉතින් ගෙවල් සීයකට වගෙ කල හැකි. මෙයාලගෙ ගෙවල් දසදහස් ගානකට ඒ ආරක්ශාව දෙන්න බෑ. සිඩ්නි ගින්න අහවර වූනේ එල් නිනෝ වලින් ලා නිනා වලට මාරු වෙලා ආපු වැස්සෙන් මිසක මිනිස්සු නිවල නෙවි. ඊට කලින් මාස තුනක් වගෙ ඇවිලුනා.
ඒ නිසා අර ප්‍රශ්නෙට උත්තරේ, ඒ වගෙ ගින්නක් නිවන්න කාටවත් බෑ කියන එකයි.

හැබැයි…
තව ප්‍රශ්න තියෙනවා. කැලිෆෝනියා ගින්න වළකන්න තිබ්බෙ නැද්ද? ගින්න අඩු කරගන්න දේපොල බේරගන්න තිබ්බෙ නැද්ද? මේ ප්‍රශ්න මේ වෙලාවෙ මතුවෙමින් තියෙනව. මේ ප්‍රශ්න වලට හේතු පේන්න තියෙනව. ඒ නිසා ඇවිලුනාට පස්සෙ මුලුමනින් නිවන්න බැරි වුනාට වලකන්න හෝ පාලනය කරගන්න තිබ්බ කියන චෝදනා වැලිඩ් වගේ. මේ එයින් කීපයක්. නෝට්: මේ කියන කිසිම එකක් කොහොම තිබ්බත් මේ ගින්න නිවන්න නම් බෑ, ඒත් පොඩ්ඩක් හෝ සහනයක් වෙන්න තිබ්බ

– ගිනි නිවන්නන්ගේ හිගය: ලොස් ඇනජලීස් නගර සබාව ගිනි නිවන හමුදාවෙ බජට් එකට ලොකු කට් එකක් දෙනවා. ඒ නිසා සමහර ගිනි නිවන්නන් සේවයෙන් ඉවත් කරන්න වෙනවා. 2010 වගේ ලැව්ගිනි ප්‍රමාණ එකහමාරක් වුනාට ස්ටාෆ් ඉන්නෙ ඊටත් අඩුවෙන් කියනවා. ඒ නිසාම මේ වගෙ ගින්නකදි ෆුල් ෆෝස් එකක් ඔනෙ වෙන වෙලවට ගිනි නිවන්නන්ගෙ හිගයක් එනවා. ලොස් ඇන්ජලිස් නගරයට තව ගිනි නිවන ස්ටේශන් 62ක් ඕනෙ කියනව. ඒ කියන්නෙ මේක සැහෙන ලොකු ප්‍රශ්නයක්.

– උපකරණ හිගය: ස්ටාෆ් අඩු කරනන් කිව්වාම ගිනි භටයින් අඩු කරන් එක හොද වැඩක් නොවෙන නිසා බැක්ඔෆිස් හා මේන්ටනස් කට්ටිය වැඩියෙන් අයින් කර තියෙනව. ඒ නිසා රෙපෙයා වෙන්නෙ හෙමින්. මේ මොහොතෙ භාවිතයට ගතහැකි ගිනි නිවන යන්ත්‍ර/රථ 100කට වඩා රෙපෙයා වලට දාල කියනව.
– හරිකේන් වේග සුළං හා ගුවන් යානා: හරිකේන් වේගයකදි ගුවන් යානා වලින් ගිනි නිවන්න බෑ. යානා ගෙනියන්න බෑ සහ දාන වතුර ටාග්ට් වලට වැටෙන් නෑ. මේ ගින්නෙ මුල් දවස් දෙකේ වගෙ ගුවන් යානා යොදාගෙන නෑ. එහෙම වුනාම ඉතින් කළ හැකි දේ ඉතාම පොඩ්ඩයි තියෙන්නෙ.

– අප්‍රේල් ඉදල වැස්සෙ නෑනෙ. සැන්ටා ආනා සුලන් එනබවත් දන්නවනෙ. ඉතින් කල් තියා ගිහින් කැලේ සුද්ද කර අනවශය් දේවල් කල් තියා පුලුස්ස දානන් තිබ්බනෙ. මේකට කියන්නෙ බැක් බර්නින් කියල. මෙහෙනම් නිතර කරනව 2019 ට පස්සෙ නම් බෝම තදින් කරනව. ඒත් ලොස් ඇන්ජලීස් ගිනි නිවන්නන් මේක කර නැහැ. ඒ සදහා ප්‍රමානවත් ස්ටාෆ් හෝ මුදල් තිබිල නෑ. ආයෙමත් ඇගිල්ල දිගු වන්නෙ නගර සබාවෙ බජට් කට් එකට.
– මොකද්ද මේ දිගටම නගර සබාවක් ගැන කියන්නෙ. ප්‍රාන්තයට ආන්ඩුවක් තියේනෙ. රටට ආන්ඩුවක් තියේනෙ. මෙන්න මේ ආයතන අතර වගකීම් අර්බුදය තව එකක්. ඔස්ට්‍රෙලියාවෙ නම් ගිනි නිවීම බාරව ඉන්නෙ ප්‍රාන්ත ගිනි නිවන්නන්. ඒත් ඇමරිකාවෙ ඒව කරනෙන් නගරසබාවෙන් වගේ. ප්‍රාන්තයක් ලොකු නිසා වැඩි රිසෝස් ප්‍රමානයක් ඒකට දාන්න පුලුවන්. ඇමරිකාවෙ දේවල් පාලනය කරන්නෙ ඔවුන්ටම ආවෙනික ක්‍රමේකට. ආන්ඩුවල බලපෑම් අවම වෙන්න. බේසිකලි ලොස් ඇනජලීස් නිවාගන්න එක ලොස් ඇනජලිස් උන්ගෙ වැඩක්. මේ වගෙ චින්ත්නයන් අලුතෙන් එන කාලගුණ තත්ව වලට සෙට් වෙන්නෙ නෑ. ඕව හොදයි ගෙයක් දෙකක් ගිනිගනන්වනම්.

– ගින්න නිවාගෙන නිවාගෙන යනකොට වතුර ඉවර වෙලා. එතකොට ඉතින් ගේම් ඕවර් නේ. මේකට හේතුව ලෙස දකින්නෙ අදාල කලාපෙ උසට සැපයුම දෙනන් තිබ්බ ටැන්කි තුන ඉවර වුනාම පහල සිට උඩට සැපයුම් දීගන්න බැරිවීම. හැබැයි ඉතින් හැම ගෙදරම සහ පාරෙ තියෙන හයිඩ්‍රන්ට් ඔක්කොම ෆුල් ෆෝස් අදින එක ලෝකෙ කාටවත් මැනේජ් කරගන්න බෑ තමා. ඒ වුනාට ඉතින් මැද්දෙදි වතුර ඉවරයි කියන්නෙ සොරිනෙ. ඔයිට වඩා අති විශාල කලාපයක ගිය සිඩ්නි වටා යන ලැව්ගින්න එක්ක මාස තුනක් ගැටෙන්න වතුර හොයාගත්ත මෙහෙ අය.

– පවර් සිස්ටම්ස්: ගින්නට හේතුව තාම දන්නෙ නෑ හැබැයි ගින්නට පෙර පැය කීපෙකට වගෙ කලින් ට්‍රාන්ස්මිශන් ශෝට් වීම් පවර් ෆේලියර්ස් වාර්තාවෙලා තියෙනව. හරිකේන් ස්පීඩ් හුලගකින් ඒක වෙන්න පුලුවන්නෙ. මෙහෙම් පවර් ලයින් කඩා වැටිල ශෝට් විම ලැව්ගිනි වලට එක හේතුවක්. 2023 දී හවායි දූපත් වැලේ ළ’හෛනා කියන නගරය සපුරා විනාශ වුනේ පවර් සිස්ටම් එක හරිකේන් ස්පීඩ් හුළගින් කඩා වැටීමෙන්. අවසානෙ පවර් කම්පැනියට වන්දි ගෙවන්නත් වුනා. පවර් ලයින් අන්ඩග්‍රවුන්ඩ් ගියානම් … ඒත් ඉතින් ලොකෙ බොහො නගර වල – සිඩ්නිවලත් – වටේ හරියෙ තියෙන්නෙ පාර දිගේ කනු මත. කාටත් පාඩමක්,

– වැරදි හා අවසන් මොහොතෙ දුන්නු පළායාමේ නිවේදන: සමහර නිවේදන එනකොට අල්ලපු ගේත් ගිනි ගන්නව. නිවේදනයක් දෙන්න ඕනෙ ගින්න ආවට පස්සෙ නෙවි හුලන් වේගය වියලි බව ආදිය එක්ක ගින්න පටන් ගනන් කොටම කොටසක් ඉවැකුවේට් කළ හැකියි. ඉවැකුවේශන් කරනන් ඕනෙ ටික ටික. මේ සුන්දර සබර්බයන් සෙසු නගරෙට යාවෙන පාරවල් එක දෙකයි තියෙන්නෙ. අන්තිම මොහොතෙ යන්න කියල ඒවයෙ වාහන ක්ලොග් වීම නිසා මිනිසුන්ට ඒව දාල දුවන්න වුනා. ඒ වාහන ක්ලොග් එක නිස ෆයර් ට්‍රක් වලට වෙලාවට යාගන්න බැරි වුනා මර්මස්තාන වලට. අන්තිමට මුලින් බුල්ඩෝසර් එවල වාහන අයින් කරලයි ගිනිනිවන්න ගියෙ. ඒ වගේම සැහෙන නිවේදන වැරදි පැති වලට දීල තියෙනව. ලොකු කෙයෝටික් තතවයක් තිබ්බ කියනව. මේව කලින් සූදානම් වෙලා ඉන්න ඕනෙ දේවල්.

– සමහර සබර්බ වල තත්වය අනතුරුදායක නිසා ඒව ඉවත් කරන්න කියල ගිනි නිවන්නන් කලක සිට දැනුම් දීල තියෙනව. ස්පෙශලි ඔය ඇල්ටාඩීනා වගෙ එව්ව. ඒත් මිනිසුන්ගේ පුද්ගල නිදහ්සට ගරු කිරීමත් මේව හෙන පොශ් සබර්බ වීමත් නිසා ඒ ඉල්ලීම් කවුරුත් ගණන් ගෙන නෑ. හැබැයි ඉන්සුරන්ස් කම්පනි බොහො දෙනාගෙ ගිනි රක්ශ්ණ කැන්සල් කරල. ආයිමත් අරුම පුදුම අමරිකාව. මිනිසුන්ට අන්සේෆ් තාලෙට පිස්සු කෙලින්න නිදහස දෙනවා සමාගම් පමනක් බේර ගන්නවා.

– ගිනි ආරක්ශිත නිවාස: 2008 ආපු නීතියකට පස්සෙ මේ කලාපෙ හදාපු සියලු ගොඩනැගිලි ගිනි ආරක්ශිත විදියට හැදුව කියන්නෙ. 2008 ට පස්සෙ හදාපු ගොඩනැගිලි යහතින් තියේලු. ඒත් ඒ ආරක්ශිත ක්‍රම රෙට්‍රො ෆිට් කරන්න උත්සාහයක් හෝ ඒ සදහා නීතියක් ගෙනත් නෑ.
තාම ගින්න යනවනෙ. ආයෙ දැන් සුළං පැකිමි 100 ඉක්මවා වැඩිවෙන්න යන්නෙ හෙට හා අගහරුවාදා. දැනට ගෙවල්ම 10000 ඉක්මවා පිච්චිලා. සමහර සබර්බ එක පිටින් ම රයිටෝෆ්. මම හිතනව මේකෙන් ගන්න යමක් මේ වගෙ ගිනි අනතුරු තියෙන හැම නගරෙටම තියේ කියල.

copied

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *